
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකන් එයාර් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
මීට අමතරව අරවින්ද සිල්වා මහතාගේ බිරිඳගෙන් සහ එම නිවසේ සිටි තවත් කිහිපදෙනෙකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගත් බව එම කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් පැවසීය.
අරවින්ද ද සිල්වා මහතා කපිල චන්ද්‍රසේන මහතාගේ ළඟම ඥාතියෙකි. චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර ඊයේ සොයාගැනුණේද අරවින්ද ද සිල්වා මහතාගේ කොල්ලුපිටියේ නිවසේ තිබියදීය.
එසේම කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි මරණ පරීක්ෂණය සඳහා පස්දෙනෙකුගෙන් යුතු වෛද්‍ය කණ්ඩායමක් පත් කරනු ලැබ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුවෙන්ම ප්‍රශ්න කළ යුත්තේ කපිලගේ දිවුරුම් ප්‍රකාශය සටහන් කළ නීතිවරියගෙන්... එහි අඩංගු කළ දෑ තීරණය කර ඇත්තේ ඇයගේ උපදේශකවරයෙක් බෙල්ලේ වැලදැමීඹක් ගැන. එය වෙනත් පිරිසකගේ වුවමනාවකට සටහන් කළා නම් මෙම ක්රියාදාමයේ මුල සොයා ගැනීම අපහසු නොවේ...
අරවින්දගේ පෙරකළ පවකට තමයි අර පවුලට සම්බන්ධ කරුමයක් පාත්වෙලා තියෙන්නේ...