
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි මරණය පිටුපස කිසියම් කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වූවාදැයි සෙවීමට රජයේ බුද්ධි අංශ විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙය ඝාතනයක්ද එසේ නැතිනම් කිසිවකු හෝ ඔහුට සිය දිවි හානි කර ගැනීමකට පසුබිම් වන වාතාවරණයක් සකස් කළාද යන්න සොයා බැලීමට මෙහිදී කටයුතු කෙරෙනු ඇතැයි රජයේ බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
කපිල චන්ද්‍රසේන මහතා මිය යෑමට පෙර හමු වූ පුද්ගලයන් මෙන්ම දුරකථනයෙන් කතා කළ අය සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති බව පවසන එම ආරංචි මාර්ග මෙම තොරතුරු සොයා ගැනීම සඳහා දුරකථන දත්ත වාර්තා සහ සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂාවට ලක් කරන බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා කොල්ලුපිටිය පේද්‍රිස් මාවතේ සිය නිවසේ කාමරයක ගෙල වැලලාගෙන සිටියදී ඔහුගේ සිරුර 08 වැනිදා සිකුරාදා පොලිසිය විසින් සොයා ගැනිණ
ඉන් අනතුරුව චන්ද්‍රසේන මහතා සැක කටයුතු ලෙස මියගොස් ඇති බවට පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
එසේම මෙය සැකකටයුතු මරණයක් ලෙස සලකා ඉදිරි විමර්ශන කරන බවද පොලීසිය අධිකරණයට දැන්වීය.
2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල විය
අනතුරුව ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව විමර්ශනයක් ආරම්භ කර 2020 වසරේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැරුණි.
කෙසේ වෙතත් එම විමර්ශනයේදී අල්ලස් පනත සහ දූෂණ විරෝධි පනත යටතට ගැනෙන වරද අනාවරණය වී තිබූ බැවින් ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කළේය
ඒ අනුව ඊට අදාළව පසුගිය මාර්තු 12 වනදා කපිල චන්ද්‍රසේන යළි අත්අඩංගුවට ගැනිණ
මේ අතර කපිල චන්ද්‍රසේන මහතාගේ සැක සහිත බවට දේශපාලන පක්ෂ ගණනාවක් සඳහන් කරයි.
කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සැක සහිත බවයි.
ඔහුට ඇප ලබාදීමට පැමිණි අය සම්බන්ධයෙන්ද සැකයක් පවතින බව හෙතෙම සඳහන් කළේය.
මේ අතර කපිල චන්සේනගේ මරණයත් සමග එයාර් බස් ගනුදෙනුවට අදාල විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යෑමට යම් බාධා මතුවිය හැකි බව නීති විශාරදයෝ පෙන්වාදෙති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධි අංශ ඕනෑද ඔය වැඩේට...? පාරේ යන සාමාන්‍ය මනුස්සයෙක්ගෙන් අහලා බලන්න. හරියටම කියයි...
ටිකක් ඉන්න නාකිමයිනත් කප්පම් අරන් තියෙන නිසා ගනුදෙනු කරන කාලයේදී මොහුගෙන්. නාමල් බේබි ළගදීම එනවා එළීයට. පරීක්ෂණ නතර කරවන්න. කෑගහන්න. මේක් පිටුපසින් මයිනා ඇතුලු කප්පම් නඩේ ඉන්නවා. නාමල් බේබි මෝඩ නිසා. වටෙන් ඇවිත් කියයි..
මැරෙන්න වැඩේ ලැස්ති කරන්න ඇති ...
ඔන්න ඔක තමයි හොරැන්ට උවමනා කරලා තියෙන්නේ නඩුව කල්යවන්න ... මෙහෙමත් කාලකන්නි රටක්...
මෙතන වෙළෙද යානා ජෙප්පෝ දන්නේ නැද්ද කපිල උසාවියට දීලා තියෙන දිවුරුම් ප්‍රකාශය ගැන... නුඹලාට ආන්ඩුවක් තිබිලත් හරිම දුර්වලයි.
කාලකණ්ණි ජෙප්පන්ට ඕනේ දිවිනසාගන්න. කපිල ඝාතනය කරලා කියලා ලෝකෙට පෙන්නන්න. මිනිහෙක් මැරුණත් එතැනත් දේශපාලන වාසිය තමයි බලන්නේ.