
(මනෝප්රිය ගුණසේකර)
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී මූල්‍ය අක්රමිකතාවයන් කරන ලදැයි කියන සිද්ධියට අදාළව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි මහත්මියට ඇප නියම කිරීමේ දී රුපියල් කෝටි 02 බැගින් වටිනා ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිලාව මහතා සහ ඇගේ බිරිඳගේ රුපියල් කෝටි හතරක ඇප මුදල් රාජසන්තක කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (30) නියෝග කළේය.
ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට අමතරව මෙලෙස ඇප මුදල් රාජසන්තක කරන ලද්දේ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි මහත්මියගේ ඇප බැඳුම්කරයේ සඳහන් මුදල්ය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී මූල්‍ය අක්රමිකතාවයන් කරන ලදැයි කියන සිද්ධියට අදාළව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි මහත්මිය මීට පෙර අවස්ථාවක සැකකරියක වශයෙන් අත්අඩංගුවට ගන්නා ලදුව මීට පෙර අවස්ථාවක රුපියල් මිලියන 20 බැගින් වු ශරීර ඇපකරුවන් දෙදෙනෙකුගේ ඇප බැඳුම්කර මත මුදා හරින ලදී.
ඒ අවස්ථාවේදී ප්‍රියංකා නියෝමාලි මහත්මියගේ ඇපකරුවන් වශයෙන් අධිකරණයට ඉදිරිපත්ව ඇප බැඳුම්කරවලට අත්සන් කරනු ලැබුවේ ඇගේ සහෝදරිය වන ප්‍රියංගි නියෝමාලි විජේනායක මහත්මිය සහ ඇගේ සැමියා වන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාය.
ඇප මත සැකකාරිය මුදාහැරීමෙන් අනතුරුව සැකකාර ප්‍රියංකා නියෝමාලි මහත්මිය අධිකරණය මගහැර විදේශගතව සිටීම නිසා ඇයට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇති අතර ඇය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඇගේ ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වු ප්‍රියංගි නියෝමාලි විජේනායක මහත්මියට සහ අරවින්ද ද සිල්වා මහතාට අධිකරණය නිගෝය කළ අතර එසේ නොවුනහොත් ඇප මුදල් රාජසන්තක කරන බව දැනුම් දී තිබීණී.
ඒ අනුව නඩුව කැඳවු අවස්ථාවේදී අරවින්ද ද සිල්වා මහතා සහ ප්‍රියංගි නියෝමාලි විජේනායක මහත්මිය අධිකරණයේ පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd