
(මනෝප්රිය ගුණසේකර)
අභිරහස් අන්දමින් මියගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ කොළඹ බාන්ස් පෙදෙසේ නිවසේ සී.සී.ටී.වී යන්ත්‍ර මෙන්ම ඔහු මියගොස් සිටි නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී යන්ත්‍ර වලද පටිගත වන දර්ශන ගබඩා වීමක් සිදුනොවන බව කොළඹ අපරාධ කොට්ඨාශය කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට දැනුම් දුන්නේය.
කෙසේ වුවත් කපිල චන්ද්‍රසේන මහතාගේ නිවසට හෝ ඔහුගේ මස්සිනා වන අරවින්ද ද සිල්වා මහතාගේ නිවසට මැයි මස 05 වැනිදාත් 07 වැනිදාත් අතර කාලය තුළ පිටස්තර පුද්ගලයන් ඇතුල්වූ බවට කිසිදු සාක්කියක් නොමැති බවද කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුරටත් දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට යානා එකොළහකින් සමන්විත ගුවන් බලඇනියක් මිලදී ගැනීමේදී ඇමරිකන් ඩොලර් මිලියන ගණනක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට අදාළව රිමාන්ඩ් භාරයට පත්ව සිට අප මත මුදා හැරීමෙන් අනතුරුව යළිත් වරෙන්තු නිකුත් වී සිටියදී අභිරහස් අන්දමින් ගෙල වැළලාගෙන මියගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය මේ බව දැනුම් දුන්නේය.
කොල්ලුපිටිය, පේද්‍රිස් මාවතේ පිහිටි හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ කාමරයක ගෙල වැළලාගෙන සැකකටයුතු අන්දමින් මියගොස් සිටි බව කියන සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය කැඳවු අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක ජයන්ත ලාල් මහතා සමඟ පෙනී සිටි එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්ත මහතා කරුණු දක්වමින් බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග මත සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු තමන්ට බාර වු බව දැනුම් දුන්නේය
ඒ අනුව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ කොළඹ අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක ජයන්ත ලාල් මහතා සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
මියගිය කපිල චන්ද්‍රසේන මහතා පදිංචි වී සිටි කොළඹ බාන්ස් පෙදෙසේ නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී යන්ත්‍ර වල මෙන්ම ඔහු ගෙලවෙළ දාගෙන මියගිය ඔහුගේ මස්සිනා වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී යන්ත්‍ර වලද රූප රාමු පටිගත නොවන බව විමර්ශන වලදී හෙළි වූ බව දැනුම් දුන් පොලිස් පරීක්ෂක ජයන්ත ලාල් මහතා කපිල චන්ද්‍රසේන මහතාගේ මෙන්ම අරවින්ද ද සිල්වා මහතාගේ අසල්වැසි නිවෙස් වලින් ලබාගත් සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කර බැලීමේදී අදාල නිවෙස් වලට පිටස්තරින් කිසිදු පුද්ගලයකු ඇතුල්වී නොමැති බව අනාවරණය වන්නේ යැයිද දැනුම් දුන්නේය.
මේ අවස්ථාවේදී පොලිසිය ඇමතු මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මරණකරු මියගොස් සිටි නිවසේ සවිකර තිබු සී.සී.ටී.වී දර්ශන පටිගත වෙලා තියෙනවාද?
පොලිසිය- දර්ශන පටිගත වෙලා නැහැ
මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා- මෙම සී.සී.ටී.වී කැමරා සවිකර ඇත්තේ කවුද?
පොලිසිය- සී.සී.ටී.වී කැමරා සවිකළ ‘ෆෙඩ්නන්’ නමැති ආයකනයේ ඉංජිනේරූවරයකුගේ සාක්කි මෙහෙයවීමට බලාපොරොත්තු වෙනවා.
කපිල චන්ද්‍රසේන මහතා මියගොස් සිටි කාමරයේ ඇඳ මත බෙහෙත් කවර දෙකක තිබී නම් සඳහන් නොකළ ඖෂධ වර්ග දෙකක් සොයා ගත් බවත් එලෙස සොයාගත් එක් බෙහෙත් කවරයක පෙති 11ක්ද අනෙක් බෙහෙත් කවරයේ බෙහෙත් පෙති 09ක්ද තිබු බවත් දැනුම් දුන් පොලිසිය එම ඖෂධ කුමන වර්ගයක ඒවාද? යන් හෙළි කර ගැනීම සඳහා රජයේ රස පරික්ෂවරයාට යැවීමට අපේක්ෂා කරන්නේ යැයිද දැනුම් දුන්නේය. කපිල චන්ද්‍රසේන මහතා මියගොස් සිටි අරවින්ද ද සිල්වා මහතාගේ නිවස ආසන්නයේ ඇති නිවෙස් වලින් ලබාගත් සී.සී.ටී.වී කැමරා දර්ශන පටිගත වන ඩී.වී.ආර්. යන්ත්‍ර දෙක රජයේ රස පරික්ෂවරයාට යැවීමට අපේක්ෂා කරන්නේ යැයි කී පොලිසිය ඒ අවසර ඉල්ලා සිටියේය.
මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා- මරණකරුට ඇප තැබු පුද්ගලයින් දෙදෙනාගේ සාක්කි කැඳවන්නේ නැද්ද?
පොලිසිය- ඔවුන් දෙදෙනා සම්බන්ධ කරගැනීමට නොහැකි වු නිසා ඔවුන් දෙදෙනාගේ ප්‍රකාශ ගැනීමට මෙතෙක් නොහැකි වුණා
ඔවුන් දෙදෙනාගේ සාක්කි මෙහෙයවීමට බලාපොරොත්තු වෙනවා
මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා-
මේ සිද්ධියේ ප්‍රධානම සාක්කිකරුවන් දෙදෙනෙකුගේ සාක්කි මෙතෙක් සටහන් කර ගත්තේ නැත්තේ ඇයි? පොලිසිය- ඔවුන් දෙදෙනා හිටියේ රිමාන්ඩ් බාරයේ නිසයි ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වුණේ.
මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා-
එහෙනම් තවත් ලෙහෙසියි නේද? බන්ධනාගාරයේදී ඔවුන්ගෙන් ප්‍රකාශ ගැනීම සඳහා මගෙන් නියෝගයක් නොගත්තේ ඇයි?
පොලිසිය- බන්ධනාගාරයේදී ඔවුන්ගෙන් ප්‍රකාශ ගැනීම සඳහා නියෝගයක් ගැනීමට අපේක්ෂා කරනවා.
කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය හෙට වැනිදා අධිකරණයට දැනුම් දීමට නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු කමට කැමරා දානවා රේකොඩින් නැත්තෙ. ගාන වැඩි නිසා. පොඩි දරුවෙක් ඉන්නවානම් පව්ලට අදා ල අහන්න දරුවාගෙන්. නිතර ම. රෙකෝඩින් නැත්ද එදින පමක්ද කියලා අවට නිවාස වලින් ගන්න පුලුවන්නෙ. ගෙලට දාගත් කබය හො වෙන දෙයක් ඇගිලි සලකුනු ගන්න. අරවින්ෆ්හත් මේ මුදල් ගනු දෙනුදට සම්බන්දද. කියලා බලලා ඔහුව අත් අඩ්න්ගුවට ගන්න. මරලද එල්ලුවෙ එල්ල ලාද මැරුවෙ කියලා අහන්න. කුලියට ගත් අයත් මේ මරනය ගැන දන්නවා. ඒ අය ගෙනුත්. අහන්න
තාක්ෂනය දියුණු ලෝකයේ CCTV පටිගත කිරීම් 75% පමණ absolutely be saved to the cloud. ලංකවේ පොලිසිය සහ මෙම නඩුව පිලිබදව කටයුතු කරනාවූ පොලිසිය / අදාල බලධාරීන් CCTV පටිගත කිරීම් ( saved to the cloud ) පිලිබදව සොයාබැලීම වැදගත්වේ. නිවෙස් හිමියන් cloud මත saved කර තිබ්බෙනම් cellphone යොදාගනිමින් ඕනෑම අවස්ථවක delete කිරීමේ හැකියාව ඇත. මෙම නිවෙස්වල CCTV පටිගත කිරීම් cloud මත saved කර තිබ්බෙනම් මේවනවිට ඒවා සේදී යාමට හැකියව පවතී. අදාල සමගම මෙම CCTV පද්දතිය නඩත්තු නොකරන්නේනම් ඔවුන් නොදැනුවත්ව උවද Data can be saved to the cloud. එසේ සිදුව තිබේනම් පොලිසිය ඒ පිලිබදව නොදැනුවත්ව සිටින්නට හැකිද යන්නත් එසේනම් පොලිසියට digital data recovery පිලිබදව පුහුණුවක් ලබාදීමට කටයුතු කලයුතුවේ. විදෙස් රටකින් engineers ගෙන්වා ( චීනය වැනි රටකින් ) Modern CCTV systems and data savings and recovery පිලිබදව පුහුණුවක් ලබාදිය යුතුවේ. මෙතෙක් කිසිවකු CCTV පටිගත කිරීම් cloud මත saved කිරීම පිලිබදව නොවදනුවත්ව සිටීමද පුදුමයට කාරණයකි. එමනිසා අදිකරණය මේ පිලිබදව පොලිසිය දැනුවත් කිරිමසුදුසුවේ. CCTV recordings can absolutely be saved to the cloud. You can easily set this up using dedicated cloud-connected cameras, by upgrading an existing traditional system with a Videoloft Cloud Adapter, or by backing up your DVR/NVR to cloud platforms like Dropbox.
දුරස්ථ ප්‍රවේශ්‍යතාව: ඔබට ඔබගේ දුරකථනය හෝ පරිගණකය භාවිතයෙන් ඕනෑම තැනක සිට සජීවී සංග්‍රහ නැරඹීමට සහ අතීත දර්ශන සමාලෝචනය කිරීමට හැකිය. ආපදා ප්‍රතිසාධනය: ඔබගේ ස්ථානීය රෙකෝඩරය සොරකම් කර ඇත්නම්, විනාශ කර ඇත්නම් හෝ ගින්නකින් හානි වී ඇත්නම්, ඔබගේ වීඩියෝ සාක්ෂි වලාකුළ තුළ සම්පූර්ණයෙන්ම ආරක්ෂිතව පවතී.