(කේ.බුද්ධික කුමාරසිරි)

පාදුක්ක හංවැල්ල බස් රථයක කොන්දොස්තරවරයෙකුගෙන් කප්පම් ඉල්ලා ලබා නොදීමෙන් එයට උරණ වු පුද්ගලයෙක් කොන්දොස්තරවරයාට පිහියකින් ඇන පලාගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

තුවාල ලැබූ කොන්දොස්තරවරයා පාදුක්ක දිසා රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ ශරීරයේ ස්ථාන හතරකට තියුණු ආයුධ ප්‍රහාර එල්ල වී ඇතැයි ද  ප්‍රතිකාර ලැබීමෙන් පාදුක්ක දිසා රෝහලේ වාට්ටුවක නේවාසිකව සිටින බවද පාදුක්ක දිසා රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය

තියුණු ආයුධ ප්‍රහාරය එල්ල කල සැකකරු අදාල බස් රථයට තුන්නාන ප්‍රදේශයේ දී ගොඩ වී ඇති බවත් එහිදී සැකකරු විසින් කොන්දොස්තරවරයා ගෙන් රුපියල් දෙදහසක මුදලක් ඉල්ලා සිට ඇති බවත් එම මුදල ලබා දීම එහිදී කොන්දොස්තරවරයා ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මෙලෙස තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර පලාගොස් ඇතැයි ද අනාවරණය වූ බවද පොලිසිය පවසයි