(සුජිත් හේවාජුලිගේ )
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශන කටයුතුවලින් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් එකඟත්වය පළ කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විමර්ශන කටයුතු කෝප් කමිටුවේ වෙනත් සාමාජිකයකුගේ මූලිකත්වයෙන් පැවැත්වීමටද එහිදී තීරණය කර ඇත.
කෙසේ වෙතත් මෙය රංජිත් බණ්ඩාර මහතා ඇතුළු කමිටු සාමාජිකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව කළ යුතු බවටද කතානායකවරයා එහිදී ප්‍රකාශ කර ඇත.
මේ අතර කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිතව තිබුණද එය කල් යන ලකුණු පහළව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
කෝප් කමිටුවේ සභාපතිවරයා සභාපතිවරයාට එරෙහිව එවැනි විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් එම යෝජනාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකුද අත්සන් කළ යුතු බව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් වේ.
එසේම විශ්වාසභංග යෝජනාවක් සම්මත කළද කෝප් කමිටු සභාපතිවරයා ඉවත් කළ හැක්කේ එම යෝජනාව සම්මතවීමෙන් වසරකට පසුව බවද පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල පැහැදිලිව දැක්වෙන්නේ යැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවැසීය.
මේ හේතුවෙන් මේ අවස්ථාවේදී විශ්වාසභංග ගෙන ඒමෙන් ප්‍රතිඵලදායී නොවන බව නීති විශාරදයන් සමගි ජන බලවේගය පක්ෂයට පෙන්වාදී ඇතැයි දැනගන්නට ඇත
කෝප් කමිටුවේ සභාපතිවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර බැඳියාවන් අතර ගැටුමක් පවතින හෙයින් ඔහු එම ආයතනය සම්බන්ධ විමර්ශන කටයුතුවලින් වහාම ඉවත් කළ යුතු බව විපක්ෂයේ මන්ත්‍රීවරු කතානායකවරයාට පසුගිය දිනවල දිගින් දිගටම පෙන්වා දුන්හ.
ක්‍රිකට් අර්බුදයෙන් පසු තාවකාලිකව නතර කෙරුණු කෝප් කමිටුවේ විමර්ශන කටයුතු යළි ආරම්භ කිරීමටද එහිදී එකඟත්වයට පැමිණ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතකොලුවා...!
සභාපති මහාචාර්ය මාරු කරල වැඩක් නෑ , මේකව ප්‍රසිද්ධ තැනකට ගෙනැවිත් තණකොල කවන්න ඕනේ !!! අද නීතිය කැලෑ නීතියටත් පල්ලෙහාට ඇවිල්ලා...!!!
මෙයාව කෝප් කමිටුවෙන්ම ඉවත්කරන්න.
නේටෝ කමිටුවලින් ජනතා අභිප්‍රායන් ඉටු නොවේ.. මේවා වංචාවල් ගැන කතා කර එකිනෙකාට ආරක්ෂාව සලසා ගන්නා කමිටු...
මේ වගේ අයට දෙන්න ඕනෙ දඬුවම් ළඟදීම ලැබෙයි... එතකන් නටපල්ලා...
කිසිම චාරයක් නැහැ... රඟපෑම් දැක්කා පහුගිය කෝප් කමිටුවේදී... මුදලට නැවෙනවා...!
දඬුවම් පැමිණවිය යුතුයි.
කෝප් ලොක්කා ක්‍රිකට් පරීක්ෂණයෙන් පමණක් නොව කෝප් සභාපති ධුරයෙන්ම ඉවත් කරන්න. පක්ෂග්‍රාහි දූෂිතයි කියලා දැනගත්තාම ඒක එක් විෂයකට පමණක් නොවෙයි, මුළුචරිතයටම අදාලයි. මිනිහෙක් එකදෙයකට පමණක් දුෂිත වෙන්නේ නැහැ. ඉංග්‍රීසි කියමනක් තිබෙනවා Once a thief always a thief කියලා. ඔවැනි කියමන් හදලා තිබෙන්නේ මේවගේ පට්ට හොරුන්ට. මෙයා ගැන කිසිම විශ්වාසයක් ජනතාවට නැහැ. මෙයාව රකින රජය ගැනත් විශ්වාසයක් අපිට නැහැ. ලබන සැරේ තොලෙන්චි වෙනවා ෂුවර්. ඊළඟට ජනතාවට රටේ බලය දෙන්න කෙනෙක් නැහැ.
වංචා, දූෂණ කළාම දඬුවම් නොදී සිථාන මාරු දෙන කමිටු වලින් ඉවත් කරන ලෝකයේ තියෙන එකම රට...
එතකොට මෙයාට එල්ලවුණු අර... "අවුරුදු 70 ක් වයස ගෑණු ළමයෙක්ට " මොනවාද කළා කියලා තියෙන චෝදනාවට වරද කරුද?
පාර්ලිමේන්තුවෙනුත් මේ බූරුවා එළවන්න. ඔහු ශ්‍රී ලංකා බුද්ධිමතුන්ට සහ උගතුන්ට නිගාවකි
ඇයි මෙතුමාට "තට්ටයා" කියලා නින්ද අපහාස කරන්නේ. මෙතුමා ලොකු වරදක් කරලා නැහැනේ. මෙතුමා වටපිට බල බලා කට ඇගිල්ලෙන් වහලා තියෙන්නේ කෑ ගහන්න එපා කියලා.අනික මෙතුමා මහාචාර්ය වරයෙක්. ඒ වගේ උගත් , බුද්ධිමත් කෙනෙක් හොර, බොරු කරයි කියලා හිතන්න අමාරුයි. උගත් කියන්නේ ඒකනේ.