(අංජුල මහික වීරරත්න)
ලබන වසර ඇතුලත හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර තිබේ.
මේ සඳහා රුපියල් මිලියන 400ක මුදලක් අයවැය ලේඛනයෙන් වෙන් කර ඇතැයි අමාත්‍යවරයා කීය.
දැනට කෝපි වගාව ප්‍රධාන වැවිලි භෝගයක් ලෙස වගා නොකළත් මෙරට කෝපි සම්බන්ධව විදේශ වෙළෙඳපොළේ ඇති ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් කෝපි වගාව නැවතත් වැවිලි බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අනුව කෝපි වගාව සඳහා හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂ 10ක් ලබා දෙන අතර එම මුදලෙන් 50%ක් නැවත අයකර නොගන්නා බව අමාත්‍යාංශය පවසයි.
අයවැය ලේඛනය මගින් 2024 වර්ෂය සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් රුපියල් බිලියන 96ක් වෙන් කර ඇතැයි අමාත්‍යවරයා කීය.
මෙරට Coffea Arabica (අරාබිකා කෝපි), Coffea Canephora ( රොබස්ටා කෝපි) , Libarica (ලයිබරිකා කෝපි) යන විශේෂ වවනු ලබයි.
මේ අතරින් අරාබිකා කෝපි ඉතාමත් ජනප්‍රිය ම කෝපි විශේෂය බවත්, එම කෝපි වගාව සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෝපි කාලෙට ආපහු හැරෙයි
රට වැසියා Tuesday, 28 November 2023 02:39 PM
සුද්දත් කෝපි හදන්න ගිහින් බංකොලොත් වුනා, කොකෝ සින්කානා වගේ දේවල් හදන්න බැලුවා හරිගියේ නැ, ඊට පස්සේ තේ හදලා තමයි ගොඩ ගියේ! පුලුවන් නම් තියෙන තේ ඉඩම් ටිකට තව ටිකක් එකතු තරලා තේ වගාව දියුණු කරන්න බලන්න!