(අංජුල මහික වීරරත්න)
කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එම කාර්යය කඩිනම් කර ගැනීම සඳහා සුදුසු කමිටුවක් පත්කර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඉඩම් කළමනාකරණ ආයතනයන්හි අණ පනත්වල ප්‍රතිපාදන සංශෝධනය කිරීම හා නව රෙගුලාසි ඇතුළත් කිරීම පිළිබඳ ඉඩම් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.
තවමත් රටෙි ක්‍රියාත්මක වන්නේ යටත්විජිත සමයේ ගෙනෙන ලද ඉඩම් ප්‍රතිපත්ති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉඩම් පරිහරණය සම්බන්ධව විවිධ අවස්ථාවලදී ගෙන එන ලද අණ පනත් කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට නොගැලපෙන බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතුරු ඉඩම් ටිකටත් බුදු සරණයි...
ගොනා පොල් පැලේ කන්නයි යන්නේ
ඉඩම් සම්බන්ධ අණ පනත් විතරක් නෙමෙයි බොහොමයක් අපරාධ සදහා වන නීති ද තවමත් තියෙන්නේ ඔය කියන කෝපි කාලයේ ඒවා තමයි. ඇතැම් දරුණු ගනයේ අපරාධ කරුවන්ට පවා තවමත් ලැබෙන්නේ ඉතාමත් ලිහිල් දඩුවමක්. මේ නිසයි දිනෙන් දින අපරාධ වැඩි වෙන්නේ. විශේෂයෙන්ම රාජ්‍ය දේපල කොල්ල කන පුද්ගලයින්. මූලිකවම කලයුතු ඉතා වැදගත් දේවල් පසෙක තිබියදී වෙනත් දේවල් ගැන අවධානය යොමු වීම කණගාටු දායකයි.
පොලිස් ..මිනී මරුවන් ..පාතාල ..නායකයන් ...කුඩු .....සියලුම ..කලු සල්ලි වලට මෙවැනි අපරාධකරුවන් ....ඉඩ කඩම්...මිල ..මොවුන් ගෙවල් හදන්නේ හැමෝම .....ඉඩ කඩම් ...සිස්ටම්...කිරීමට ...එවිට ..ලංකාව ගොඩ ගනිමු ...කලු සල්ලි වලට මෙවැනි අපරාධකරුවන් නිදල්ලෙ සිටින ..ජනාධිපති තුමාගේ අවධානය යොමු කරන්න .....
ඉඩම් ටිකත් ජාවාරම් කාරයින්ට දීමට හෝ විකිනීමට හෝ හරියන විධියට සංශෝධනය කරන්නද හදන්නේ? මහජන නියෝජිතයින් වරදක් කලවිට දඬුවම කඩිනමින් දීමේ සහ දඬුවම වැඩි කිරීමේ ක්‍රමයකුත් හදන්නකෝ .
ඉඩම් සීමා පනත යටතේ අක්කර 50 වැඩි ඉඩම්ර ජයට දීමේදී UNP කාරයින් රජයට දුන් වැඩකට නැති මුඩු බිම් වලට, පසු කාලයකදී සශ්‍රීක ඉඩම් ආපසු ගත්තේ ඔහෙලාගේ මිනිස්සු නේද?
එක් එක් පළාත්වලට පමණක් තියෙන නීති අහොසි කරන්න. එක නිතියක්, එක රටක්... !