(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
සුරා බදු ආදායම් ගණනය කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකිනෙකට සම්බන්ධ කරමින් පරිගණක දත්ත පද්ධතිය සකස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නිර්දේශ කළේය .
සුරාබදු දෙපාර්තමේන්තුවේ 2020 වර්ෂය සදහා වූ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳව විමසීම සඳහා මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 19 වැනිදා පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී මෙම නිර්දේශය ලබා දී ඇත.
මෙයට අමතරව සුරාබදු දෙපාර්තමේන්තුවට තවත් නිර්දේශ ගණනාවක් දෙන ලදැයි එම කමිටුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරා බලපත්‍ර ක්‍රමයේ පවතින සංකීර්ණත්වය සහ අධික මිල නිසා, අද 95%ක් ආපන ශාලාවල මත්පැන් අලෙවි කරන්නේ සුරාබදු නිලධාරීන්ට පගාව දීලා බලපත්‍ර නොමැතිව... එමනිසා රජයට විශාල බදු ආදායමක් අහිමි වෙනවා. මෙම බලපත්‍රවල මිල අඩු කළා... බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමය සරල කරන්න.