(අංජුල මහික වීරරත්න)
කෝප්, කෝපා ඇතුළු පාර්ලිමේන්තු කමිටු වෙත යද්දී රජයේ නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකානායක මහතා සැලසුම් කර තිබේ.
ජනාධිපති ලේකම්වරයා මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ කමිටු වල සභාපතිවරුන්ගෙන් ලද පැමිණිලි හා ඊට අදාලව කළ නිදහසට කරුණු විමසීමේදි නිලධාරීන් දුන් පිළිතුරු සැලකිල්ලට ගැනීමෙන් පසුවය.
කෝප් සහ කෝපා යන කමිටු වලින් ජනපති ලේකම් සමන් ඒකනායක මහතාට පැමිණිලි ලැබී ඇත්තේ මෙම කමිටුවලට පැමිණෙන නිලධාරීන්ගෙන් බොහෝ දෙනකු ඊට නිසි සුදානමින් නොපැමිණෙන බව කියමිනි.
අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ප්‍රධාන ලේකම්වරුන් අදාල ආයතනය වල විගණන කමිටුවට සහභාගී නොවී විගණකාධිපතිගේ දැනුම්දීම් ගැන අධ්‍යයනයකින් තොරව පාර්ලිමේන්තු කාරක සභාවෙත පැමිණ පිළිතුරු දෙන නිසා කමිටුවල කාලය අපතේ යන බව එහි සභාපතිවරුන් ජනාධිපති ලේකම් වෙත දැනුම් දී තිබේ.
මේ ගැන ජනාධිපති ලේකම්වරයා අදාල අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් විමසීමේදි පාර්ලිමේන්තුවට කැදවා නඩු අසන ලීලාවෙන් මන්ත්‍රීවරුන් ප්‍රශ්න කිරීමත් ඒවා පසුව මාධ්‍ය වෙත නිකුත් කිරීමත් නිසා නිලධාරීන් අපහසුතාවයට පත් වන බවට ඔවුන් දුක් ගැනවිලි ඉදිරිපත් කොට තිබේ.
ඒ අනුව දෙපාර්ශවයටම ගැටළුවක් නොවන අාකාරයට මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට ජනපති ලේකම්වරයා සැලසුම් කර ඇති අතර ඉදිරියේදී එය සකස් කිරීමෙන් පසු සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යොමු කරනු ඇත.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝප්,කෝපා යන රජයේ නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක්
SAM Saturday, 01 July 2023 06:57 AM
මෙම කමිටුවලට පැමිණෙන නිලධාරීන්ගෙන් බොහෝ දෙනෙකු ඊට නිසි සූදානමින් නොපැමිණෙන බව සහ අවශ්‍ය ප්‍රමාණයට වඩා නිලධාරීන් පැමිණීම සහ දූෂිත දේශපාලකයින් විසින් යම් අවස්ථාවල නිලධාරීන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව නොදීම පාලනක් නොව දූෂිත නිලධාරීන් සහ දේශපාලකයින් දෙපාර්ශවයම ගෙන්වීමට විශ්‍රාම ගත් චෝදනා නොමැති විනිසුරුවරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන්න. එසේ නොමැතිව දූෂිත කණඩායම් දෙකක් එක්ව ඔවුනොවුන් චෝදනා කරගැනීමක් මිස විසඳුම් ලැබෙනුයේ නැත. මෙම COPA සහ COPE කමිටු පිළිබඳව මහජන ප්‍රසාදයක් ලබාගැනීමට සහ විශ්වාසයක් ඇතිවීමට නම් විශ්‍රාමගත් චෝදනා නොමැති විනිසුරුවරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන්න...
පුරවැසියෙක්.... Saturday, 01 July 2023 09:06 AM
කෝප් සහ කෝපා කමිටු දෙකම විහිළුවක් බවට පුරවැසියන් වන අපට පෙනී ගොස් ඇත. මන්ද කමිටුවල සභාපති ඇතුලු සාමාජිකයින් විසින් අසන ප්‍රශ්නවලට ආයතන නියෝජනය කරමින් පැමිණෙන නිලධාරීන් විසින් ගැලවීමට උත්තර දෙන ආකාරයක් පෙනෙන්නට ඇති බැවිනි. රටේ ජනතා මුදල් අවභාවිතා කළ නිලධාරීන් වෙතොත් ඔවුන්ට අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමේ බලතල කෝප් සහ කෝප් කමිටුවලට ලබා දීමක් විය යුතු බව පුරවැසියන් වන අපගේ හැඟීමයි. නැත්නම් ඔය කමිටු රැස්වීම්වලට සහභාගි වනඅය සඳහා ලබාදෙන "කේක් කෑල්ලට සහ තේ කෝප්පය" වෙනුවෙන් ජනතා මුදල් වැයකිරීමද රටට තවත් පාඩුවකි. අපරාධයකි...