(සුජිත් හේවාජුලිගේ)
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝප්) අභ්‍යන්තර විමර්ශන පවත්වන ආකාරය ඇතුළු එහි ඇතැම් කටයුතු සම්බන්ධයෙන් විගණන අංශ නිලධාරීහු දැඩි ලෙස විරෝධය පළ කරති.
මේ සම්බන්ධයෙන් කතානායකවරයාට ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමටද එම නිලධාරීහු බලාපොරොත්තුවෙන් සිටිති.
සාමාන්‍යයෙන් කෝප් කමිටුව විමර්ශන පැවැත්විය යුත්තේ විගණකාධිපතිවරයාගේ වාර්තාව පදනම් කරගෙන බවට ස්ථාවර නියෝග වල පැහැදිලිව සඳහන්වී ඇතත් කමිටුව දේශපාලන අරමුණු මුදුන් පමණවා ගැනීම සඳහා වෙනත් වෙනත් කාරණා සම්බන්ධයෙන්ද විමර්ශන කරන බව විගණන දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
කමිටුවේදී මන්ත්‍රීවරුන් වරින් වර නැගිට හෙළිදරව් කරන යම් යම් කරුණු පිළිබඳවද කෝප් කමිටුව විමර්ශන අරඹා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
පසුගිය කාලයේදීද එවැනි විමර්ශන ගණනාවක්ම පැවැත්වුණු බව ඔවුහු චෝදනා කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන්ම ඕක කළා නම් හරි... ඔය 225අතර ඉන්න අය ගැන කියන්න ඕනෑ නැහැනේ...
විගණකාධිපති වාර්තාව අනුව කෝප් කමිටුව කටයුතු කරන්න ඕන නම් සමහර වෙලාවට විගණන වාර්තා බලන්න වෙන්නෙ අවුරුදු ගණනක් ප්‍රමාද වෙලා කියලා පේනවා එහෙම දේවල් වෙනකොට අදාල නිළධාරි විශ්‍රාම ගොස් තියෙන්න පුළුවන් නැත්නම් මියගොස් වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් විගණකාධිපති වාර්තාව පාර්ලිමේන්තුවට ගේන්න සිද්ධීය වෙලා අවුරුදු පහක් වත් ගතවෙනවා ඇති . එහෙම නැතුව කිව්වොත් 2024සිදුවීම් වාර්තාව 2025 ජනවාරියේ වත් කෝප් එකට එනවා නම් හොදයි (සාමාන්‍යයෙන් විගණන පරීක්ෂණයක් කර ඔවුන් දුටුදේ විගණන විමසුමක් මගින් නැවත පරීක්ෂා කර සාර්ථක පිළිතුරක් නැත්නම් පමණක් වාර්තාව සැකසීම කරනවා.) මම දැකල තියෙනවා විගණන විමසුමක් ලැබුණාම සමහර නිළධාරින්ට සුලුදිය පහවෙන තත්වයක් ඇතිවෙනවා ඒකට හේතුවක් වෙන්නෙ අදාල චක්‍රලේඛ අණපනත් මුදල් හා ආයතන සංග්‍රහයේ රෙගුලාසි නොදැන කිසිම පුහුණුවක් නොලැබූ රාජකාරි භාරගන්නා විට පූර්වගාමියා දුන්නු උපදෙස් පමණක් අනුගමනය කරන අයට තමයි එහෙම නිළධාරි බොහොමයක් අධ්‍යාපන කාර්‍යාල වල ඉන්නවා එහෙම එවුන්ගෙන් යම් ප්‍රශ්නයක් ඇහුවොත් යක්ෂාරූඪ වෙලා කරන්න පුළුවන් හිංසා උපරිමයෙන් කරනවා එනිසා කෝප් කමිටුවේ වරදක් කියන්න බැහැ