(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී පොලිස් නිලධාරීන්ට පහරදී පැහැරගත් කඳුළු වායු බෝම්බයක් රුපියල් 1000 ක මුදලකට විකිණීමට රැගෙන ආ අරක්කැමියෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය කියයි
ඉකුත් 13 වෙනි දින පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාව පාලනය කිරීම සඳහා මහජන සාමය කළමණාකරන කොට්ඨාසයේ නිලධාරීන් ත්‍රිරෝද රථයකින් කඳුළු වායු බෝම්බ සහ උන්ඩ රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු ඇතුළු විශාල පිරිසක් ත්‍රීරෝද රථයේ ගමන් ගත් නිලධාරීන්ට පහරදී එම බෝම්බ සහ උණ්ඩ පැහැරගෙන තිබිණි
එහිදී කඳුළු වායු උණ්ඩ සහ බෝම්බ 385 කට ආසන්න සංඛ්‍යාවක් පැහැරගෙන තිබිණි
එම අවස්ථාවේදී සැකකාර අරක්කැමියා කඳුළු වායු බෝම්බයක් සොරාගෙන ගොස් ඔහු රැකියාව කරන බත්තරමුල්ල ප්‍රදේශයේ ආපනශාලාවේ සඟවා තබා තිබිණි
අනතුරුව අද (29) විදුලි බලාගාර හන්දියේ මාලිගාව පාර වත්තට ගොස් ,එය විකුණා ගත නොහැකිව ආපසු පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියකු පැවැසීය
අත්අඩංගුවට ගත් සැකකරු ඉකුත් දහතුන් වෙනි දින එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් පොලිස් නිලධාරීන්ට පහර දීම සහ හමුදා කැබ් රථයට පහරදීමට සම්බන්ධ වූවෙකු බවත් පොලිසිය කියයි
වයස අවුරුදු තිහක් වන මාතර ප්‍රදේශයේ පදිංචි අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෙකි
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කුණු භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර සහකාර පොලිස් අධිකාරී චන්දන ගමගේ මහත්වරුන් ගේ මෙහෙයවීමෙන් බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා,පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ මහත්වරු පරීක්ෂණ පවත්වයි
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කඳුළු වායු බෝම්බයක් විකුණන්න හැදූ අයෙක් අත්අඩංගුවට
sharm warn Friday, 29 July 2022 03:21 PM
මේ කවුද? කඳුළු ගෑස් උණ්ඩ විකුණන්නේ වෙන විකුණගන්න දෙයක් නැතුවද? අනිත් එක... මේගොල්ලෝ අත් අඩංගුවට ගන්න ඔක්කොම මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්චි අයනේ බලද්දී... ජනාධිපති මාධ්‍ය උපදේශක එහෙමද කියලා තියෙන්නේ..?