(විමුක්ති එස් රුද්‍රිගු)
ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි ජාතික සත්වෝද්‍යානයේ මුළුතැන්ගෙය අසලදී 29 හැවිරිදි කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාව මත කැන්බරා පොලිසිය ශ්‍රී ලාංකික ජාතිකයකු අද (19) අත් අඩංගුවට ගත්තේය.
මිනීමැරීමේ චෝදනාව මත එම සත්වෝද්‍යානයේම අරක්කැමියෙකු ලෙස සේවය කළ 29 හැවිරිදි ජූඩ් විජේසිංහ නැමැති ශ්‍රී ලාංකික තරුණයකු කැන්බරා පොලිසිය මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.
කැන්බරා ජාතික කාන්තාවක් වන ශෙවාන්ග් චෝඩ්න් සත්වෝද්‍යානයේ වාණිජ මුළුතැන්ගෙයි ප්‍රදේශයේදී මියගොස් සිටියදී හදිසි සේවා පෙරේදා (18) සොයා ගනු ලැබුවේය.මුළුතැන්ගෙය දෙසින් විශාල ශබ්දයක් නැගුණු බවට සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි සිටින්නන්ගෙන් ලද පැමිණිල්ලක් මත සෝදිසි කිරීමේදී චෝඩ්න්ගේ බිම වැතිර තිබූ මළ සිරුර හදිසි සේවා සොයා ගනු ලැබුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැන්බරා ජාතිකයෝ කියල කොටසක් australia වල ඉන්නවද - ඉන්නවනම් හොයල දෙන්නකෝ