
(කාංචන කුමාර ආරියදාස)
මිනිස් පරිභෝජනයට නුසුදුසු බව කියන ආනයනික බී ලූනු සහ අර්ථාපල් තොගයක් සිය බාරයට ගත් බව දඹුල්ල සෞඛ්‍ය අංශ පවසයි.
යුක්තිය මෙහෙයුමට සමගාමවීම පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක් දී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබද ගබඩාවල තිබී මෙම ලූනු සහ අල තොගය සොයාගෙන ඇත.
පසුව පොලිසිය දඹුල්ල මහ නගර සභා සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂක යොයාන් අබේවික්‍රම මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණ එම ගබඩා පරික්ෂාවට ලක් කළේය.
පොලිස් බාරයට ගත් පැළවී ඇති අර්තාපල් අල සහ ලොකු ලූනු තොග සීල් තබා ඒවායේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යවා පරිභෝජනයට සුදුසු තත්ත්වයේ පවතීදැයි සොයා බැලීමට අවශ්‍ය පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සඳහන් කළේය.
පැළවී කොළපැහැගැන්වී ඇති අර්ථාපල් අල පිළිකාකාරක සහිත අර්තාපල් අල බවත් ඒවා අනුභව කිරීම සිදු නොකළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක යොහාන් අබේවික්‍රම මහතා කියා සිටියේය.
විදේශ රට වලින් අර්ථ අපල් අල සහ ලොකු ලූණු ගෙන්වන ගබඩා සංකීර්ණ මෙන්ම කන්ටේනර් රථයක් පරික්ෂා කිරීමේ මෙහෙයුමක් දඹුල්ල මූලස්ථාන පොලිසිය දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව දඹුල්ල නගර ආසන්නයේ අද පෙරවරුවේ සිදු කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඔය නගර සභාවට බැරිද ඔය අල ලූනු සිටුවීමට කටයුතු කරන්න. එහෙම වුනොත් හොද වගාවක් කරන්න පුළුවන්. ඕවා විනාශ කලා කියලා ප්‍රතිඵලයක් නැහැ .එහෙම බැරිනම් කෘෂිකර්ම හෝ ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවීන්ට වගාව බෙදාහැරීම කරන්න පැලවුනු අර්තාපල් වලින් අස්වැන්න ගන්න පුළුවන්
කැලිෆෝනියාවේ, පැළ වූ ළූණු අනුභව කිරීම සුදුසු යැයි විශ්වාස කෙරේ. පැළවෙන ළූණු අපිම කනවා. කෙසේ වෙතත්, අර්තාපල් සම්බන්ධයෙන් ගත් කල, ඒවා සමට යටින් කොළ පැහැති නම්, එම අර්තාපල් ඉවත් කරනු ලැබේ. ඒවා විෂ සහිත යැයි සැලකේ.
ඔව කුනුවෙලා විනාස වෙන එකම හොදයි.