
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ නවතම ලෝක බැංකු දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් ඉදිරියට එමින් හය වෙනි ස්ථානයට පත්ව ඇත.එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 64 කි.
ගියවර දර්ශකයේ සියයට 74 ක ආහාර උද්ධමනයක් සමඟ ශ්‍රී ලංකාවට හත්වෙනි ස්ථානය හිමිව තිබූ අතර නව දර්ශකයේ ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් හයවෙනි ස්ථානය ලබා ගෙන ඇත.නව දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් ඉදිරියට පැමිණියත් නව වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 64 දක්වා පහළ වැටී තිබේ.
ලෝක බැංකුව පසුගියදා නිකුත් කළ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය සැකසී ඇත.
මෙවරත් ලෝක බැංකු දර්ශකයට අනුව ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රට ලෙස පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍ය වන අතර එහි ආහාර උද්ධමනය සියයට 376 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම දර්ශකයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගැනීමට ලෙබනනය, වෙනිසියුලා රාජ්‍යයන් සමත්ව ඇති අතර දෙරටේ ආහාර උද්ධමනය පිළිවෙලින් සියයට 171 ක් සහ 158 ක් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන මැතිවරණයේදී අමතක නොකරමු .කතිරයට පෙර සිතා බලන්න
පුදුම සතුටකින් ඉන්න පුළුවන් list එකක්. බලන්නකෝ ඒකේ තියෙන රටවල් වල නම් ටික. මම නම් බනින්නේ මේ ලන්තේ ඉන්න හැම එකාටම . ඔක්කොම එවුන් වග කියන්නේ මේ හැමදේටම. අවුරුදු 75 ක් කරපු කිසිම ඉලව්වක් නැහැ. දේශපාලකයෝ, රාජ්‍ය නිලධාරින්, වෘර්තීය සමිති කාරයෝ සහ හුදී ජනයා සියල්ල වග කිය යුතුයි මේ සියල්ලටම.
සෞභාග්‍යයේ දැක්ම තමයි
රාජපක්ෂලා සහ බයියෝ රටට කරපු විනාශයේ ප්‍රතිඵල තමයි මේ.
ඒකෙත් කප් එක අපිට තමයි .කාටද ආඩම්බර .මේ කාලකන්නි දෙස්පාලයන්ට නම් හොඳක් සිද්ධ වෙන්නේ නැහැ
ලංකාවට උඩින් තියන රටවල පහම මහින්දලා රනිල් ල වගේ තක්කඩි දේශපාලුවෝ වසර ගණනාවක් පාලනය කරලා විනාශ කරලා "බංකොලොත්" කරපු රටවල් 5 ක් , එයින් ලෙබනනය ඇරෙන්න අනිත් 4 බංකොලොත් වෙලා සැහෙන්න කල් උනත් ඒ රටවල් වලට තවමත් ගොඩ ඒමක් නැහැ , මොකද ණය ණය ණය ....
ඔන්න දැන් හිට්ලර් ගේ සෞභාග්‍ය
ඉදිරියටම යව් හෙලයිනි ඉදිරියටම යව් (මහ ) රජුට දීපියව් ආයෙත් රජුට දීපියව් ලොවෙන් හිගාකව් හෙලයිනි ලොවෙන් හිගාකව් රට වනසාපව් හෙලයිනි රට වනසාපව්. පක්සෙට බෙදියන් ,දහමට බෙදියන් ජාතිය බෙදියන් (පළාතට ) පලතෙට බෙදියන් හැරමිට්ටෙන් හෝ සබයට පලයන් හිගන්න පලයන් රට වනසාපන්
එහෙනම් අපි රුවන්ඩා ,ගානා වලටත් වඩා පහලට ගියා.සුපිරි කරුමක්කාරයෝ අපි
සිම්බාබ්වේ, වෙනුසියුලා,රුගන්ඩා අතරට අප රටත් රැගෙන ගිය ගෝඨා, රනිල් ඇතුළු මහින්ද නඩයට ස්තුතියි.
නාමල් වැරදි හදාගෙන යමු කියන්නේ...ඉදිරියට ....අනික ඒ උන්දෑ මස් මාළු කිරි බිත්තර කන්නෙත් නෑ ලු....