(කේ බුද්ධික කුමාරසිරි)
කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ බස් රථයක් තුලදී කොන්දොස්තරවරයා සහ මගියකු අතර ඇති වූ බහින්බස් වීමක් අතරතුර කොන්දොස්තරවරයා මගියාගේ දකුණු කණෙහි කොටසක් සපා කා කඩාගෙන ගිල දමා ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
අදාල මගියා අද (17) රාත්‍රි නාවින්න ප්‍රදේශයෙන් එම පෞද්ගලික බස් රථයට ගොඩවී ඇති අතර ගොඩගම දක්වා බස් රථයට මුදල් ලබා දී රියදුරු අසුන අසල සිටගෙන පැමිණ ඇත.
එම අවස්ථාවේදී කොන්දොස්තරවරයා කිහිපවරක් මගියාට බස් රථයේ පිටුපසට යන ලෙස දැනුම් දී ඇති බවත් එහිදී ඇති වූ බහින්බස් වීමකදී කොන්දොස්තර මගියාට පහර දී කණෙන් කොටසක් සපා කා ගිල දමා ඇතැයි ද පොලිසිය පවසයි.
මහරගම ගුරු විද්‍යාලය ආසන්නයේදී සිදුවීම සිදුවී ඇති අතර හෝමාගම නගරයට ලංවෙන අවස්ථාවේදී මගියාගේ කණෙහි කොටසක් නොමැති බව තවත් මගියකු අදාල තරුණයාට දැනුම් දී ඇත.
ඒ අවස්ථාවේදී කණ අත ගා බැලීමේදී කණෙමි කොටසක් අඩු බව දැනගත් අදාල මගියා මීගොඩ පොලිසිය අසලින් බස් රථය නවත්වා මේ පිළිබදව මීගොඩ පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කර ඇත.
එම අවස්ථාවේදීම බස් රථයේ සැගව සිටි කොන්දොස්තරවරයා මීගොඩ පොලිසියේ නිළධාරීන් අත් අඩංගුවට ගෙන තුවාල ලැබූ මගියා රෝහල් ගත කිරීමට පියවර ගත් බවද මීගොඩ පොලිසියේ උසස් නිළධාරියෙක් පැවසීය.
මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ අවිස්සාවේල්ල පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙක් වන ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 25 හැවිරිදි පුද්ගලයෙකි.
එම සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා මහරගම පොලිසිය වෙත භාර දීමට නියමිත වේ.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොන්දොස්තර මගියාගේ කන කාලා