
(ප්‍රසාද් රුක්මල් සහ සමන්පාලිත නානායක්කාර)
බෝගහකුඹුර කන්දේපුහුල්පොල ඔයෙන් එගොඩ වීමට ගිය පොලිස් විශේෂ කාර්ය බළකා සැරයන්වරයකු සමග ඔහුගේ බිරිද සැඩදිය පහරකට හසුව ගසාගෙන යාමෙන් බිරිද මියගොස් සැමියා අතුරුදහන් වී ඇතැයි බෝගහකුබුර පොලිසිය පවසයි .
මෙසේ සැඩදිය පහරකට හසුව ගසාගෙන ගොස් මියගියේ බෝගහකුබුර කන්දේපුහුල්පොල ප්‍රදේශයේ පදිංචි ව සිටි එච්.එම්.නාලිකා ධනංජනි(32) නැමත්තිය බවද පොලිසිය කීය .
ඇයගේ මළසිරුර කන්දේපුහුල්පොල මඩවලතැන්න ප්‍රදේශයේ ජල පහරට හසුව ගසාගෙන ගිය ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ දුරකින් කුඩුගල ප්‍රදේශයේ ජලයේ රැදී තිබියදී ගම්වාසීන් විසින් සොයාගෙන ඇති අතර,එම මළසිරුර දැනට බෝගහකුබුර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙන බවත් පොලිසිය පැවසීය .
සැඩදිය පහරට හසුවී ගසාගෙන ගිය (සැමියාගේ ) පොලිස් විශේෂ කාර්ය බළකා සැරයන්වරයාගේ සිරුර මෙතෙක් සොයාගෙන නොමැති අතර , පොලිසිය සහ ගම්වාසීන් එම සිරුර සොයා මෙහෙයුම් කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් පොලිසිය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අකල් මරණයක් මතු ආත්මෙක සිදු නොවේවා .නිවන් සුව ලැබේවා.
බොහොම කනගාටුදායක පුවතක්. මහා ජල කඳක් සහිතව එන සැඩ පහරවල් බොහෝම දරුණයි. එවැනි පලාත්වල ජීවත්වෙලත් ඇයි එහෙම අවදානමක් ගත්තේ කියලා මට හිතාගන්න බැහැ. නිවන් සුව ප්‍රාර්ථනා කරමි.