(යොහාන් භාසුර සහ නිමල් ජයරත්න)

වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරෙන් අද පස්වරුවේ පැනගිය  රැඳවියන් 23 ක් පුලස්තිපුර ප්‍රදේශයේදී පොලිසියට භාර වූ බව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතා අද (11) රාත්‍රී පැවසීය.

එම කඳවුරෙන් පැනගිය 50 කට අධික රැඳවියන් සොයා මෙහෙයුමක් ආරම්භ කළ ඇති බවත් එම මෙහෙයුමට වැලිකන්ද පොලිසියේ කණ්ඩායමට අමතරව මනම්පිටිය, අරලගන්විල, පුලස්තිපුර සහ පොළොන්න්රුව යන පොලිස් ස්ථානවලින් ද නිලධාරී කැඳවූ බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතා වැඩි දුරටත් කීය.