IMG-LOGO

කන්දකාඩුවෙන් තවත් ආසාදිතයින් 196ක්

 

 

(මලිෂා ගුණවර්ධන)


කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා වයිරසය ආසාදිතයින් 196 ක් අද (10) දිනයේ හඳුනාගත්  බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව ඊයේ (9) වාර්තා වූ රෝගීන් 56 දෙනාත් සමඟ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන කරන කන්දකාඩු මධ්‍යස්ථායෙන් වාර්තා වන මුළු කොරෝනා වයිරස ආසාදිත සංඛ්‍යාව 252 කි.



අදහස් (8)

කන්දකාඩුවෙන් තවත් ආසාදිතයින් 196ක්

සමිත සේනක අලුත්ගමගේ. Friday, 10 July 2020 04:28 AM

දෙවියනේ...! මේ රට හොඳ මට්ටමටම පත්වුණා පමණයි. මේ මත්ද්‍රව්‍ය කාරයින් නිසා සිදුවූ හදියක්... මත්ද්‍රව්‍ය කාරයින් බැලීමට එන ඥාතීන්ට හෝ කිසිවකුට ඔවුන් බැලීමට ඉඩ නොතැබිය යුතුයි. නැතිනම් මෙයින්ම දෙවැනි රැල්ලත් නිර්මාණය වේවි..!!! ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ ඇතුළු සියලු උපස්ථායකයින් වෛද්‍යවරුන් ඇතුළු සැමදෙනා බොහෝම පරිස්සම් වීම ඉතා වැදගත්.. මේ කර්ම වසංගතය මේ රටින් තුරන් කිරීමට ද්‍රව්‍ය කාරයින්, ගංජාකාරයින් ගැන ඉතා පරිස්සමින් කටයුතු කළ යුතුයි.

:       17       553

ravi Friday, 10 July 2020 08:16 AM

මෙන්න මෙව්වා තමයි මත්ද්‍රව්‍ය සහ මත්පැන්වල පලවිපාක. මෙලෝ සිහියක් නැතිව, කිසිම වගකීමක් නැතිව ඔහේ ගහනවා.

:       0       42

de silva Friday, 10 July 2020 08:58 AM

අපි නොදන්නවා වුණාට.., රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් දහස් ගණනක් මේ සමාජයේ ඉන්නවා. ඒක හොයාගන්න පුළුවන් වෙන්නේ PCR පරීක්ෂණයෙන් පමණි. විශාල සංඛ්‍යාවක් එකම ශාලාවක නවාතැන් ගන්න හමුදා බැරැක්ක, නිරෝධායන, මත්ද්‍රව්‍ය නිවාරණ මධ්‍යස්ථාන වල රෝගය පැතිරීම වැඩිය. මේ රෝගයට අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැත.

:       86       72

සපුමල්.Friday, 10 July 2020 01:09 PM

ඩී. සිල්වා මහතා, නිකං සුරංගනා කතා කියන්න එපා.. ඔබ කෙසේ එහෙම පවසන්නද? ඔබ කියන ආකාරයට දහස් ගණන් සමාජයේ වෛරසය තැන්පත් වූ අය සිටිනවා නම් මෙලහකට ලංකාව පුරාම ඉන්න ඔක්කොම රෝගීන්නේ.. නිකං හිතළු නොකියා වැදගත් දෙයක්, ඔප්පු කළ හැකි දෙයක් පමණක් කියන්න.

:       27       66

ජයරත්න Friday, 10 July 2020 09:02 AM

සියලුම ආකාරයේ මහජන පොදු රැස්වීම් පාලනය තහනම් කළයුතුයි.

:       0       21

wedage Friday, 10 July 2020 09:21 AM

කන්දකාඩු අනාගත්තා, බලලෝභයෙන් ඔලු පිරිච්ච, ඉක්මණටම ඡන්දෙ තියන, දේශපාලකයින් පිරිච්ච, මුලු ලෝකෙට ණය කෙරිච්ච,.. මේ මගේ රට ශ්‍රී ලංකාවයි.

:       60       71

තෙමාල් Saturday, 11 July 2020 12:22 AM

අපේ රටතුල තාම තියෙන්නේ පැරණි දේශපාලන ක්‍රමවේදයක්? මේ කොරෝනා නාමයෙන්වත් එ් ක්‍රමයෙන් මිදෙනවා නම් හොඳයි. ඔය මහජන රැස්වීමට එන්නේ එම පක්ෂයට ඡන්දෙ දෙන කෙනා. එම පක්ෂයේ අපේක්ෂකයින්ගේ හිතවාදින්. එමනිසා ඔය මහජන රැස්වීම් නවත්වලා එම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය රටට ඉදිරිපත් කරන වැඩපිලිවෙලක් ඇතිකරල‍ා එම පක්ෂයෙන් ඒ ඒ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින්ගේ නාමලේඛනයක් දාන්න.

:       0       0

mohomed Saturday, 11 July 2020 03:35 AM

මීටරේ දුර ජනාධිපතිතුමාවත් පිළිපදින්නේ නැතිනම් ජනතාව කොහොමද පිළිපදින්නේ? පිටරට අපිට බෝම්බ කිව්ව විෂබීජය කිව්වත් දිට්ඨ ධම්ම වේදනීය කර්මය කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site