(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව ප්‍රදේශයේ නිවසකට කඩා පැන තියුණු ආයුධ පෙන්වා කාන්තාවක බිය වද්දා ලක්ෂ 30ක මුදල් සහ රන් ආභරණ මෙන්ම විදේශ මුදල් කොල්ල කෑ බව කියන රෝසා සහ කිටි නමැති සැකකරුවන් දෙදෙනා අද(5) සන්ධ්‍යාවේ අත්අඩංගුවට ගත් බව මොරටු පොලිසිය පැවසීය.
හෙරොයින් මිලි ග්‍රෑම් 21500 සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ විදේශ මුදල්ද තිබී ඇති අතර ඒ පිළිබඳව සිදු කළ විමසීමේ දී ලක්ෂදී ලක්ෂ 30 කොල්ලය පිළිබඳව තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පැවසීය.
ඉකුත් දිනක මොරටුව වේළුවනාරාම පාර නිවසකට කඩා වැදී සැකකරුවන් තියුණු ආයුධ පෙන්වා කාන්තාවක බියවද්දා මුදල් සහ රන් ආභරණ කොල්ල කෑ බවට පැමිණිල්ලක් ලැබී තිබූ බව සඳහන් කරන පොලිසිය ඒ පිළිබඳව විමර්ශන ආරම්භවීමත් කොට තිබූ බව ද පැවසීය.
මෙම වැටලීම් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය සහ මොරටුව සහකාර පොලිස් අධිකාරී තරිඳු අනුරංග යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මොරටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් පැන්සිස් මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නන්දන පොලිස් සැරයන් 26099 නවරත්න පොලිස් කොස්තාපල්වරුන් වන 20108 ජයනාත් ,93499 දිල්ෂාන්, 7220 දිලංක, 99626 බණ්ඩාර, 98398 මධුසංඛ, 95400 සුසන්ත, 101590 මධුවන්ත, 101594 ජයනන්ද,102360 කපුවත්ත , 102405 පුෂ්පකුමාර කාන්තා පොලිස් කොස්තාපල් 13 167 නිසංසලා යන නිලධාරීහු සිදුකළහ.

2025 දෙසැම්බර් මස 18
234
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාන්තාවක බියවද්දා ලක්ෂ 30 ක් කොල්ල කෑ ‘රෝසා‘ - ‘කිටි‘ මාට්ටු