(සුමිත් පොතුපිටිය)

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව දෙහිවල පොලිසිය පවසයි .

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ දෙහිවල ඕබන් පෙදෙස හි පදිංචි 69 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය සදහන් කරයි.

පහරදීම ඊයේ රාත්‍රි  සිදුකර ඇති අතර , කළුබෝවිල ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සදහන් වේ.

ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය කීය.

දෙහිවල පොලිසිය පරීක්ෂණ පවත්වති.