
(අංජුල මහික වීරරත්න)
මන්ත්‍රීවරු කොන්ත්‍රාත් කරන, කප්පම් ගන්න, පගා ගහන දේශපාලනය වෙනුවට මන්ත්‍රීවරු නගරාධිපතිවරු නගරාධිපතිවරියෝ ජනතාව එක්ක එකතු වී වැඩ කරන දේශපාලන සංස්කෘතියක් අපි ඇති කරන බව ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ වදින කණ්ඩායම් අද (17) දින පෙරවරුවේ සිට නාමයෝජන පත්‍ර සඳහා අත්සන් තැබීම බත්තරමුල්ල පැලවත්තේ පිහිට එම පක්ෂ මූලස්ථානයේදී ආරම්භ කරනු ලැබූ අතර එම අවස්ථාවට එක්වෙමින් සිල්වින් සිල්වා මහතා මේ බව කීය.
ෙමෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ කොළඹ මහ නගර සභා කණ්ඩායම් සහ කඩුවෙල මහ නගර සභා කණ්ඩායම් නායකයෝ එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ NPP එක වැඩක් නැහැ. එයාලා බොරුකාරයෝ, විසිල් විතරයි බල්ටි නැහැ. තාම බැරිවුණා එක හොරෙක් අල්ලන්න. රාජපක්ෂ තාමත් ගෙදර සැපට ඉන්නවා. පාස්කු ගැන කතාවත් නැහැ. වැඩක් නැහැ.
ඔව්, මෙච්චර කල් සියලු කප්පම් මුදල් පක්‍ෂ අරමුදලටයි ආවේ. ඒ නිසා මන්ත්‍රිලා ඇමැතිලා තනි තනියෙන් ඕවා කරනවා එහෙම නෙමෙයි.
එතකොට අර පහුගිය කාලේ බිංගිරිය පැත්තේ ඇඟලුම් කම්හල බලන්න ගිය දෙන්නා???
මේ වැඩකට නැති මහලු මිනිසාට NPP තේරී පත් වූ මන්ත්‍රීවරුන් පාලනය කිරීමට අවශ්‍යයි, මන්ද මේ මිනිසා විශ්වාස කරන්නේ ඉරානයේ අයතුල්ලා වැනි උත්තරීතර නායකයෙකු මෙන් සෑම NPP කටයුත්තක්ම පාලනය කිරීමට තමාට අවශ්‍ය බවයි. NPP වහලුන් විශ්වාස කළේ ඔවුන්ගේ ලොක්කන් පැවසූ සියලු කුණුහරප සත්‍ය බවත්, සෑම කෙනෙකුටම එරෙහිව එම පදනම් විරහිත චෝදනා මත පදනම්ව නඩු පැවරීමට ඔවුන්ට අවශ්‍ය බවත්ය. පාලන තන්ත්‍රයේ සහ වහලුන්ගේ මෝඩකම මාරාන්තික ලැජ්ජාවකි.