
(සුජිත් හේවාජුලිගේ )
බොරැල්ල සුසාන භූමි පාලකගේ නිල නිවාසය හා ඉඩම අවභාවිතා කරමින් අනවසරයෙන් ඉදිකර ඇති මල්ශාලාව පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව එම කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා විය.
ඒ සම්බන්ධව පුර්ණ පරීක්ෂණයක් කර කාරක සභවට වාර්තාවක් ලබාදෙන ලෙස නිර්දේශ කර තිබුණද එම වාර්තාව එතෙක් කාරක සභාවට ලබානොදීම පිළිබඳව කාරක සභාව කොළඹ මහනගර සභාවට සිය නොසතුට පළකළේය.
කෙසේ වෙතත් සිදුවීමට අදාළව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගෙන ඉදිරි කටයුතු සිදුකරගෙන යන බව නගර සභාවේ නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල්ශාලාවත් නාමල්ට අයිති කෙනෙක් කියයිද දන්නේ නෑ.