
(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතාට දැනුම් දුන්නේය.
කැනඩා මහ කොමසාරිස්වරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර හමුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ දී අද සිදුවිය.
ශ්‍රී ලංකාවට එල්ල කරන පදනම් විරහිත ජන සංහාර චෝදනා ප්‍රතික්ෂේප කරන බවද විජිත හේරත් මහතා මෙහිදී කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමළ කැනේඩියානුවන් සහ ඩයස්පෝරාව විසින් උසිගන්වා ඇති බවත්, ශ්‍රී ලංකාව සිතියමේ කොහේදැයි නොදන්නා කැනේඩියානු දේශපාලනඥයන් ගෙන ඒම මෝඩ කතා කිරීමට පුරුදු වී මැතිවරණවලට පෙර තබුතේගම මිනිසාට අනුග්‍රහය දැක්වූයේ මෙම දෙමළ ඩයස්පෝරාවයි. කැනේඩියානු අවස්ථාවාදී දේශපාලනඥයන්ගේ සහ දෙමළ ඩයස්පෝරාවේ පූර්ණ ආශිර්වාදය ඇතිව, ඉල්ලීම්වලට යටත් වී මෙම ස්මාරක ඉදිකරති. විදේශ අමාත්‍ය විජිත මේ පිළිබඳව තානාපතිවරයා සමඟ සාකච්ඡා කිරීම හොඳයි, නමුත් ඔහු දැඩි ලෙස පෙනී සිට එය ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි.
විරෝදයට බය වෙච්ච පාර අන්න ස්මාරකය කඩලා ඉවත් කරලලු.!!!
ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් නොවේ. මෙය ද්‍රවිඩ ඊලාම් වාදීන්ගේ කිසිදින ඉටුකරගැනීමට නොහැකිවූ ඊලාම් සිහිනයේ ස්මාරකයක් පමණි. ලෝකය විසින් මෙය පිළිගැනීමකට ලක්වන්නේද නැත. එය කැනඩාවේ සිටිනා ද්‍රවිඩ ඊලාම් වාදීන්ට ස්මාරකයක් පමණි. ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රුම්ප් කැනඩාව 51 states බවට පත්කර ගතයුතු බව මතය හෝ අදහස පිලිබදව කැනඩියානු ,මහකොමසාරිස් වරයාගෙන් විදේශ ඇමතිවරයා විමසා සිටියේද ? ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රුම්ප් කැනඩාව 51 states බවට පත්කර ගැනීමට නොකකිවූ නිසා Washington නගරයේ කැනඩාවේ ස්මාරකයක් ගොඩනැගීමට සුදානම්ලු.
ඕක හැදුවේ ඔයගොල්ලන්ගේ කොටි ඩයස්‌පෝරා යාලුවෝ නෙමෙයිද?
කිසිම පෞරුෂයක් නැති ... කඩදාසි විදේශ ඇමතියා... ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න..
අනේ යෝගා දැන්වත් මාලිමාව රජයක් ආවාට සතුටු වෙන්න.
දේශපාලන ළදරුවන්ගේ කතා අහලා වැළළුණු හාදයෝ කොහේද අප්පා දැන් ඉන්නේ...? කදිරගාමර් කෙසේ වෙතත් මහින්ද සමරසිංහලාට හා අලි සබ්‍රීලාට රාජතාන්ත්‍රික දේශපාලන ඉගෙන ගන්න පුළුවන් වෙයි තව ටික කාලයක් ඉවසීමෙන් බලාගෙන හිටියොත්...!
හොඳ නිර්මාණයක්