
කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.
කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. මේ වනවිට කැනඩාවේ බලයේ සිටින්නේ ලිබරල් පක්ෂයයි. ලිබරල් පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමකින් පසු මාක් කාර්නි පක්ෂ නායකයා ලෙස තෝරා ගැනුණි.
කැනඩා අග්‍රාමාත්‍යවරයා ලෙස වසර 9 ක් එම ධුරය හෙබවූයේත් පක්ෂයට නායකත්වය දුන්නේත් ජස්ටින් ටෲඩෝය. පක්ෂ සාමාජිකයන්ගේ අප්‍රසාදයට පත්වීමෙන් අනතුරුව, ටෲඩෝ ට පක්ෂ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය ද අහිමි විය.
පක්ෂ නායකත්වයට සුදුස්සකු තෝරා ගැනීම සිදුවූයේ ඒ අනුවය. කාර්නි කැනඩා පුරවැසිභාවයත්, බ්‍රිතාන්‍ය පුරවැසිභාවයත් ඇති අයෙකි. මොහු බ්‍රිතාන්‍ය මහ බැංකු අධිපති ලෙසත්, කැනඩා මහ බැංකු අධිපති ලෙසත් කටයුතු කර තිබේ.
කැනඩා මහ මැතිවරණය ලබන ඔක්තෝබර් 20 වැනිදා පැවැත්වෙයි. ඊට ලිබරල් පක්ෂය මෙහෙයවීම මාක් කාර්නිට පැවරෙනු ඇත. ඊට අමතරව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීමට ද කාර්නිට සිදුවෙයි.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2443
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැනඩාවේ අලුත් අගමැති මාක් කාර්නි
රුවන් Monday, 10 March 2025 05:56 AM
සෙවනැලි ආණ්ඩුවට අනුව තමයි ලෝකය පාලනය වන්නේ
de silva berlin Monday, 10 March 2025 10:36 PM
සෙවනැලි හොල්මන් කරන්නේ රුවන්ගේ මොලේ, ලෝකේ දියුණු ප්‍රජාතාන්ත්‍රික රටක හැමදාම එක නායකයෙක් හෝ පවුලක් රට පාලනය කරන්නේ නැහැ, අලුත් නායකයෝ එනවා යනවා...