(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැනඩාවේ ක්ලිම්ප් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන වීසා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 60 කට අධික මුදලක් වංචා කළ කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, පොලිස් නිලධාරීන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, මෙන්ම මහාචාර්යවරුන් විශාල පිරිසක් සැකකාර කාන්තාවගේ සහ පිරිමි පුද්ගලයාගේ වංචාවට හසු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව අසළදී පුද්ගලයකු පහර දුන් බවට සැකකාර කාන්තාවගේ සහ පිරිමි පුද්ගලයා ගෙන් ලද පැමිණිල්ලක් අනුව ඔවුන් තිදෙනාම තලංගම පොලිසිය වෙත රැගෙන විත් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම මහා පරිමාණ වංචා වේ තොරතුරු අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ඉන්නවා හොයලා බලන්න...
මේ වීසා සම්බන්ධව බොහෝ දැන්වීම් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල ප්‍රචාරය වනු ලබයි.රහස් පොලීසිය මේ ගැන නිසි අවධානයෙන් සිටියහොත් දැන්වීම් පලකරන්නන් අතර සිටින වංචාකරුවන් අල්ලා ගැනීමට හැකිවේවි.