
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා උපරිමයෙන් සහයෝගය ලබාදීමට කැනඩාවේ ව්‍යාපාරික ප්‍රජාව එකඟතාව පළ කළහ.
මෙලෙස එකඟතාව පළ කළේ කැනඩාවේ ව්‍යාපාරික ප්‍රධානීන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකාව සමඟ මිත්‍රත්වය වැඩිකරගනිමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ එම ව්‍යාපාරිකයෝ මෙරට තරුණ ව්‍යවසායකයින්ට තම ව්‍යවසායන් ගොඩනගා ගැනීම සඳහා සහයෝගය ලබාදීමටද කැමැත්ත පළ කළහ.
මේ ව්‍යාපාරිකයින් අමතමින් අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ රටේ සංවර්ධනය ඇති කිරීමට ඉක්මනින් කටයුතු කරන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහතුනි, ඔබලා මේ හොරුන්ට තව හොරකම් කරන්න පාර කපලා දෙන්න නම් එපා. මුන්ගේ වැඩ නිසා තමයි මේ රටට මේහෙම වෙලා තියෙන්නෙ. ඒක අපිට වඩා ඔබලා දන්නවානේ. ඒ නිසා දෙන උදව්වක මුදලින් නම් කරන්න එපා. වෙච්ච දේකුත් නැති වෙයි ගත්තු එකෙකුත් නැතිවෙයි.
කැනඩාවේ දෙමල ඩයස්පෝරාවට අයත් ඇති දක්ෂ ව්‍යාපාරිකයින්ට මෙරට ආයෝජනය කරන්න තරම් මුදල් තිබෙනවා. එත්, ඉතින් මේ හොර තක්කඩි පිරුණු රටක ඒ මුදල් ආයෝජනය කරන වෙලාවේ, කැනඩාවේ හෝ වෙනත් රටක ආයෝජනය කළා නම්, හොඳ ප්‍රතිලාභ ලබා ගත හිකියි ඔවුන්ට. නමුත්, උතුරු නැගෙනහිර පලාත්වල ආයෝජනය කරනවා නම් හොඳයි. අනික, දෙමල ජනතාවගේ ආයෝජන හා ඔවුන්ගේ හැකියාවෙන් හා මේ රට ගොඩගන්නවා විනා, මේ පල් හොර සිංහල මෝඩයින්ට කිසිදාක මේ රට ගොඩගන්න බැහැ. මීට දශක කිහිපයකට කලින් දකුණු ආසියාවේ ඉතාම සංවර්ධිත රටක් ලෙස ලංකාව දියුණු මට්ටමක පැවතියේ ඔවුන්ගෙන් ආර්ථිකයට ලැබුණු දායකත්වය නිසයි. 1977 කළු ජූලියේදී මේ සිංහල මංකොල්ලකරුවන් ඒ දක්ෂ ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර සියල්ල කොල්ල කෑවා. ඒ ශාපය තමයි අදත් මේ ජාතියට තියෙන්නේ. කාට තිත්ත උනත් ඇත්ත මේකයි.
මෙහම මෙතකදී එක එක රටවල්, සන්විධානවල් අපිට දීපු පොරුන්දු ඇත්ත නම්, මේ රටේ මිනුස්සු මෙහම දුක් විඳින්නත් නැහැ. තවද රනිල් බලයට ආපු ගමන් රටට ඩොලර් ගලා එනවා, විදේශ ආධාර ගලා එනව කියල කිව්වට, මේ ජනාධිපතිට කිසිම රටකින් පිලිගනීමක්වත් නැහැ. තිබිච්ච ඩොලර් ටික අරගන මළ ගෙවල්වලට ගිය විතරයි.