IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කැනඩා මහකොමසාරිස් - අනුර කුමාර අතර හමුවක්

(ආරියරත්න  රණබාහු)

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා  ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඹහතාව  පැලවත්ත  ජනතා විමුක්ති  පෙරමුණේ  පක්ෂ  මූලස්ථානයේ දී අද (13) පෙරවරුවේ  හමුවිය.

මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් (දේශපාලන) පැට්‍රික් පිකරින් (Patrick Pickering) සහ ජාතික ජන බලවේගය  ජාතික විධායක සභික විජිත හේරත්   යන මහත්වරුද  එක්ව සිටියහ.

මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින සමාජ ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වූ අතර ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ සැලසුම් පිළිබඳවද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය. කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවීම සඳහා අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී කැනඩා⁣වේ සංචාරයක නිරත වන බවද මෙහිදි   කොමසාරිස්වරයා ට දැනුම් දුන් අතර  ඒ සඳහා  ඔහු දිසානායක  මහතායට සුබ පැතීය. 



අදහස් (8)

කැනඩා මහකොමසාරිස් - අනුර කුමාර අතර හමුවක්

Kazi Shajahan Wednesday, 13 March 2024 04:15 PM

මුලු ලොවම දන්නවා දැන් ඊළඟ ජනාධිපති අනුර කියලා... කවදාවත් අපි මේ වගේ දේවල් දැකලා නැහැ...

:       13       61

NIMALWednesday, 13 March 2024 07:50 PM

උතුරු කොරියාව, වෙනිසියුලාව හෝ කියුබාව වැනි රටවල තානාපතිවරුන් නොව බටහිර සහ ආසියානු කලාපයේ විදේශ දුත පිරිස් අනුරව මුණගැසීමෙන්ම පෙනීයන්නේ JVP සම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව ඇති බවකි.

:       2       26

Sanath Dubai Wednesday, 13 March 2024 05:55 PM

අනාගත ජනාධිපතිතුමන් බැහැ දකින්න විදෙස් නියෝජිතයින් පෝලිමේ..!

:       7       37

Nissanaka Wednesday, 13 March 2024 05:56 PM

දැන් කවරුත් අනුර මහත්තයාට විදේශ සම්බන්ධතා නෑ කියලා වැලලෙන්න එපා...

:       8       40

Bamunuarachchi Thursday, 14 March 2024 06:04 PM

ඒ කාලේ කරපු ත්‍රස්ත ක්‍රියා මින් මතු අපි කරන්නේ නැහැ. දැන් අපි චේගුවේරා කෂ්ටිය නොවෙයි. එන්න අපේ ගෙදරට කියලා ආරාධනා කළාම එනවා ජෙප්පෝ විදෙස් සම්බන්දතා ඇතිකරගන්නේ දැන්. කලකදී වහලු කලකදී හොඳ වෙනවාලු...

:       0       1

Ranjith Wednesday, 13 March 2024 06:03 PM

මේවා දැකලා, ඉරිසියාවේ, බයේ,.. බොරුවට බෙරිහන් දෙනවා. ඒ ගොල්ලෝ බොරු කතා පතුරවන්න පතුරවන්න රටේ මහජනතාව ජාතික ජනබලවේගයට එකතු වෙනවා. සජිත්ගේ හාල් එපා කියලා ගැහැණුන් සිය ගණනක් හෝමාගම ගිය හැටි අපි දැක්කා...!

:       4       39

Kithsiri Wednesday, 13 March 2024 06:27 PM

එයාලගේ පදේට නටන රූකඩයකට ඕනෙ කෙනෙක් කැමැතියි.

:       33       8

chandima Thursday, 14 March 2024 12:45 AM

මේගොල්ලෝ දැන් අනුර කුමාර හම්බවෙන්නේ අර ජංගිය ගැලවි ගැලවි එක්කෙනාගෙන් වැඩක් නැති නිසා වෙන්න ඇති

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site