(නිමල කොඩිතුවක්කු)
වරාය පරිශ්‍රයේ සිට රේගු පරික්ෂා කරන ස්ථානයට පැමිණ බහලුම් රථ පරීක්ෂා කිරීමේදී සිදු කරන ප්‍රමාදයන් හේතුවෙන් ඉතා දිගු පෝලිම් හටගෙන ඇතැයි එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේය.
මේ හේතුවෙන් බහලුම් රථ 600 ත් 800 ත් අතර සංඛ්‍යාවක් දින ගණන් තිස්සේ පෝලිම් වල රඳවා තැබීමට සිදුව ඇති බවත් ඔහු පැවසීය.
පෑලියගොඩ පොලිස් ස්ථානය අසල සහ වැල්ලම්පිටිය පොලිස් ස්ථානය අසල සිට රේගු පරීක්ෂාකරන ස්ථානය දක්වා ඇති මෙම දිගු පෝලිම් හේතුවෙන් අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක්ද හටගෙන තිබේ.
ඇන්ජිම පණ ගන්වා තැබීමට සිදුවීම හේතුවෙන් බහලුම් රථ සඳහා ලැබෙන ඉන්ධන කොටාවෙන් වැඩි ප්‍රමාණයක් නිකරුනේ නාස්ති කිරීමට සිදුවන බවත් එම රථවල අමතර කොටස් ගැලවීමට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ ඇතැම් පිරිස් කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ වරයා දැනුවත් කළත් මෙම ප්‍රමාදයන් වළක්වා ගැනීමට කටයුතු කර නොමැති බවත් ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රේගු උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ වාප්පු ලිපිකරුවන් නොමැතිවීම මෙම ප්‍රමාදයන්ට හේතු හේතුවී ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම අකාර්යක්ෂමව කටයුතු සිදුවෙනවා නම් සතියක් දෙකක් කන්ටේනර් සේවයෙන් ඉවත්කර ගන්න .එවිට ඕකට විසදුමක් ලැබෙන්න පුළුවන් වේවි