IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


කාදිනල්තුමෝ පාස්කු ප්‍රහාරය ගැන සැර ප්‍රකාශයක් කරති

(ඩයනා උදයංගනී)

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ ප්‍රහාරය පිළිබඳ සැඟවුණු තොරතුරු හෙළිදරව් වේද යන බිය නිසාදැයි සැකයක් පවතින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

වත්මන් රජය හිටපු ජනාධිපතිතුමන් ආරක්ෂා කරන්නේ රජයට සම්බන්ධ උසස් අය හරහා පාස්කු ප්‍රහාරයට තමන්ගේ ඇති සම්බන්ධයක් හෙළිදරව් විය හැකිය යන බිය නිසාදැයි යන්න ගැන රටේ පොදු ජනතාව හා තමන් තුළ සැකයක් ඇතැයි ද කාදිනල්තුමෝ සඳහන් කළහ.

හිටපු ජනාධිපතිවරයාට මෙන්ම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්‍ෂක ලේකම්, හේමසිරි ප්‍රනාන්දු හිටපු බුද්ධි සේවා අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඇතුළු උසස් නිලධාරීන් බොහෝ දෙනෙකුට එරෙහිව නඩු පවරන ලෙස ජනාධිපති කොමිසම කර ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හා ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් ඇති බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කර ඇති හෙළිදරව් ගැන කිසිඳු විමර්ශනයක් නොකිරීම සියල්ල රතු පලස යට සඟවා සත්‍ය වසන් කිරීමේ බොළඳ උත්සාහයක් බව ද කොළඹ අගරදගුරුතුමෝ කීහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුමන් මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ තෙවර්ෂ පූර්ණය වෙනුවෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී  අද (21) පෙරවරුවේ පැවති සැමරුම් වැඩසටහනට එක්වෙමිනි.

පසුගිය රජය සමයේ හිටපු පොලිස්පතිවරයාට හා ආරක්‍ෂක ලේකම්වරයාට පැවරූ නඩුවේදී රජයේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස ප්‍රහාරයේ බරපතල චෝදනා ලැබූ නිලන්ත ජයවර්ධන මහතා යොදාගැනීමෙන් හා උසාවිය ඉදිරියේ නිසි ලෙස නඩු කටයුතු මෙහෙයවීම නොකිරීමෙන් උසාවිය අසරණ කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කළේ කාගේ උවමනාවකට දැයි යන්න ගැන පැනයක් තිබෙන බව ද කාදිනල්තුමෝ ප්‍රකාශ කළහ.

ප්‍රහාරය සිදුවූ පසු එය දැන සිටි බවට ප්‍රසිද්ධියේ පිළිගත් හේමසිරි ප්‍රනාන්දු මහතා සමඟ හිටපු පොලිස්පතිවරයා නිදොස් කොට නිදහස් කිරීම නීතිපති දෙපාර්තමේන්තුව හා රජය විසින් ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ අයට කළ අපහාසයක බව ද අගරදගුරුතුමෝ පැවසූහ.

නීතිපති දෙපාර්තමේන්තුව නීතියේ උත්තරීතරත්වය කෙලෙසන්නට කටයුතු කිරීම නින්දා සහගත බව කී කාදිනල්තුමෝ මේ ක්‍රියාදායම පිටුපස සිටින්නේ මේ රටේ සියලු බලතල තමන් අතට ගෙන ඇති සුපිරි බලවතා නොවේදැයි සැකයක් මතුවන බව ද සඳහන් කළහ.

ඇතැම් පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පරීක්‍ෂණ කරන ලෙස ජනාධිපති කොමිසම කළ නිර්දේශ තිබියදී ඔවුන්ට උසස්වීම් ලබාදෙන්නට ක්‍රියා කළ වත්මන් පොලිස්පතිවරයා ද පාස්කු ප්‍රහාරයෙන් මියගිය අහිංසකයන්ගේ රුධිරයට වගකිව යුතු බව කී කාදිනල්තුමෝ ඔහුට එයින් ගැළවීයාමට සද්ධර්මය ඉඩ නොදෙනු ඇතැයි ද කීහ.

සහරාන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබාගත් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා හිටපු ජනාධිපතිවරයා හා වත්මන් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කළ බවට අත්අඩංගුවට ගැනීමෙන් සිදුවූයේ සහරාන් සැලසුම් කළ ප්‍රහාරය ඉදිරියට ගෙනයාමට පාර කැපීමක් බව කී කාදිනල්තුමෝ නාලක ද සිල්වා මහතාට එල්ල වූ චෝදනා කොතරම් දුරට විමර්ශනය විණි ද යන්න පැහැදිලි නැතැයි ද පැවසූහ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වනාතවිල්ලුව ආයුධ ගබඩාව ගැන ආරක්ෂක මණ්ඩලයෙන් විමසීමක් නොකළ බව හා සහරාන් අත්අඩංගුවට ගන්නා ලෙස කළ ඉල්ලීම් හමුවේ ‘එහා මෙහා යන නයි රෙද්ද අස්සෙ දා ගන්න එපා’ පැවසූ බව ජනාධිපති කොමිෂන් සභා වාර්තා වේ සඳහන්ව ඇතැයි ද අගරදගුරුතුමෝ කියා සිටියහ.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරන බවට ජනාධිපතිවරණ වේදිකාවේදී මොරදුන් වත්මන් පාලකයා බලයට පත්වූ පසු ඒ පොරොන්දු පසෙක ලා ගෙන යන වැඩපිළිවෙල අපි ප්‍රතික්‍ෂේප කරමින් හෙළා දකින බව කී කාදිනල්තුමෝ මෙම අපරාධය කළ අයට වැඩිකල් නොයා තමන් කළ පාපයේ ප්‍රතිඵල අත්විඳින්නට සිදුවනු ඇතැයි ද සඳහන් කළහ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 



අදහස් (0)

කාදිනල්තුමෝ පාස්කු ප්‍රහාරය ගැන සැර ප්‍රකාශයක් කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 660 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 1237 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 653 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 951 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1471 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 659 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1305 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1552 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 401 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site