
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
එහිදී මානව වර්ගයා මුහුණ දෙන අතිශය තීරණාත්මක ගැටළු වලින් එකක් ලෙස කෘත්‍රිම බුද්ධිය සැලකිය හැකි බව පෙන්වා දුන්නේය.
‘මානව වර්ගයාගේ ගරුත්වය, යුක්තිය සහ ශ්‍රමය’ සුරැකීම සම්බන්ධයෙන්, කෘත්‍රිම බුද්ධිය අභියෝග එල්ල කරන බව 14 වැනි ලියෝ පාප්තුමන්, සිය කාදිනල්වරුන් හමුවේ පැහැදිලි කළේය.
14 වැනි ලියෝ පාප්තුමන්ගේ පුරෝගාමියා වූ ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අදහස වූයේ ද මෙය යැයි පැවැසෙයි.
14 වැනි ලියෝ යනු ඇමෙරිකාවෙන් බිහිවුණු පළමු පාප්තුමාය. 14 වැනි ලියෝ පාප්ධුරයට තෝරා ගැනීම සිදුවූයේ පසුගිය බ්‍රහස්පතින්දා (8) දිනයේය.
ඒ, වකිතානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති, කාදිනල්වරුන් 133 දෙනාගේ රහස් ඡන්දයෙනි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෘත්‍රිම බුද්ධිය සාම්ප්‍රදායික මිත්‍යා විශ්වාසවලට නම් බලවත් තර්ජනයක් තමයි.
ඔව් හැබැයි... මම පාප් වහන්සේ තරගය පටන්ගත්තු ගමන් ඇමරිකාවේ චැට් GPT ඒකෙන් අහුවා සුදුස්සා කවුද කියලා. එයා 7 දෙනෙක් දුන්නා. මම අහුවා කවුද ඒ අතරිනුත් සුදුසුම කියලා. ඒක කිව්වේ මැලේසියාවේ පාප්තුමාගේ සුදුසුකම් තමයි හොඳටම තියෙන්නේ කියලා...