(එම්.කේ.නන්දසේන)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් කතරගම ඇති සියලු පාසල් මෙම මස 19 දින සිට වසා දැමීමට තීරණය කොට ඇතැයි තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා පැවසීය.
මෙවර ඇසළ පෙරහර මංගල්‍යය මෙම මස 19 වැනි දින ආරම්භවී ජූලි මස 03 දින මහ පෙරහර පවත්වා පසු දින මැණික් ගගේ දිය කැපීමෙන් පසු නිමාවට පත් වනු ඇත.
මෙම පෙරහර මංගල්‍යය නිමිත්තෙන් විශේෂ රාජකාරි සඳහා පැමිණීමට නියමිත පොලිස් නිලධාරීන්ට නවාතැන් ලබා දීම සඳහා පාසල් තුනක ගොඩනැගිලි පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා තිබේ.
මේ අනුව කතරගම ජාතික පාසල, සෙල්ල කතරගම මහා විදුහල, හා දෙටගමුව විදුහල පොලීසිය වෙත භාරදීමට නියමිතය.
මෙලෙස නිවාඩු ලබා දෙන පාසල් ජූලි මස 05 දින යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොපෙනෙන දෙවියෙක්ගෙ වැඩකට ලමයින්ගෙ අධ්‍යාපනය බිලි දුන්නම වෙන්නෙ මොකක්ද. එක්කො එම ලමයි අනාගතයේ දේශපාලනය කරයි. නැත්නම් පාතාලේ.
කවදාවත් නොකරපු වැඩ. මෙහෙමත් මිනිසුන් අතරේ රටක් හැදෙයිද?
ඹය නිළධාරීන්ට නවතින්නට වෙනත් තැන් ඇත්තේම නැද්ද?
මේකේ ඉන්න බූරුවන් හිතන් ඉන්නේ මේ දේවල් මේ අවුරුද්දේ විතරක් වෙනවා කියලා. කතරගම කලාපේ පාසල්වල අගෝස්තු නිවාඩුව අවලංගු වෙනවා කියලා නොදැන කමෙන්ට් දානවා.
අධ්‍යාපනයට වඩා දෙයියෝ ලොකු වුණාම. මේ රටවල් මෙහෙම වෙන එක අහන්න දෙයක්ද? කෝටි ගණන් තියෙන දේවාලයෙන් සල්ලි අරන් තැනක් හැදුවා නම් මොකද? ළමයින්ගේ අනාගතේ විනාශ නොකර... හැදේයි ඉතින් මේ රට..