
(දිලිප් ජයසේකර සහ අමිල සම්පත් ශ්‍රී)
ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී රත්නායක රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා මහතා අද නියෝග කළේය.
කොළඹ අපරාද දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සැකකරු පසුව තිස්සාමහරාම අධිකරණයට ඉදිරිපත් කළේය.
ගබඩා භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුවා මීට පෙර ඇප මුදා හරිනු ලැබ සිටියි.
රන් තැටිය අස්ථානගතවීම සම්බන්ධයෙන් සැකකාර ප්‍රධාන කපුවාගේන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන සටහන් කරගත් බව අධිකරණයේ දි කියැවිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්නවා වෙන්නේ ඕකයි කියලා කොයි ලොකු එකා ඇල්ලුවත්... ලංකාවේ ඕනෙම දේශපාලුවෙක්, සල්ලිකාරයෙක්, ඕනෑම ලොකු පොරක් මොනවා කරලා අතේ අහු වුණත්, ලොකුවට සද්දේ දාලා අත්අඩංගුවට අරගෙන, පැය ගණන් ප්‍රශ්න කරලා පහුවෙනිදට ඇපදෙනවා. ඒකනේ වෙන්නේ... ලංකාවේ විතරමයි, මෙහෙම ගොන් නීති තියෙන්නේ... පොඩි එකෙක් කරලා අහු වුණොත් එයාට ඇපත් නෑ. මොනවත් නෑ...
එතකොට කපුවාව අගුණකොළ පැලැස්සේ හංගගෙන හිටපු, හිටපු බස්නායක නිලමේව අල්ලන්නේ නැත්තේ මොකද? රත්තරන් තැටිය දැන් රාජපක්ෂලාට පූජා කළාලු නේද?
රන් තැටිය සාටකයෙන් වහලාලු...!
අත්අඩංගුවට පත්වෙන්නේ, ඇප ලැබෙන්නේ තිර පිටපතට අනුවයි. ඒ නිසා කවුරුවත් කුපිත වෙන්නත් එපා, දුක් වෙන්නත් එපා... දැන් රන්තැටිය ටෙලි නාඩගම් මාලාවේ පළමුවන පරිච්ඡේදය අවසන්....!
මගේ මතකයට ආවේ නන්දා මාලිනියගේ යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න...//
අහෝ දෙවියනි.... ඔබ කොහිද?
ඇප ලැබුණේ නැතිනම් බන්ධනාගාර රෝහලට යන්න රෝද පුටුවේ ඇවිල්ලා...
කපුවා කපෝති... මෝඩ මිනිසුන්ගෙන් බහුල රටක මේ වගේ දේවල් නොවුණොත් තමයි පුදුමේ... විනෝදෙට සෙල්ලම් කළාම ළමයි හැදෙන රටක්නේ මේක...
නීතිය කෝ?
කෝ දැන් රන් තැටිය? ඇත්තටම කවුද මේ අංගොඩ රන් තැටිය චිත්‍රපටයේ අධ්‍යක්ෂක නොහොත් මහ මොළකරු...!
ඔහු ගත්තේ තැටියක් පමණයි... දෙවියන් එය පිළිගත්තේ නැහැ. අංගොඩ ලොක්කගේ නිසා ... වහාම කපුරාළ නිදහස් කරන්න... !
හොරෙන් කොස් ගෙඩියක් කඩපු කෙනාට දවස් ගාණක් හිරේ රන් තැටිය හොරා කාපු එකාට ඇප...
දැන් දේවාලයට එන අහිංසක වන්දනා කරුවන්ට අත දිග ඇරලා සිතන පතන දේ ලබා ගන්න වරම් දෙන්න පුළුවන් වෙයි.
තරිඳු සිල්වාට කීයක් ලැබුණාද දන්නේ නෑ...!
කොහොමත් දේවාලෙට ලැබෙන දේ අයිති කපුරාළට කියලා... එක කපුවෙක් කියනවා මම දැක්කා ප්‍රසිද්ධියේම... ඉතින් ආයෙත් මොකටද ඕක හොයන්නේ..? අනික ඕක දේවාලේ තිබුණා.. හෝ නැත කියලා අපිට මොකද? අනික ලොකු අය කොහොමත් හොරු කියලා දන්නේ නැද්ද? හොරකන් නොකර ලොකු වෙන්න බැහැ. නිකන් කාලෙ කන වැඩ ඕවා...!
ඇවිද ගන්නත් බැරි කියලා පෙන්වන කෙනාද රන්තලිය අරන් පැන්නේ. කාවද මේ ගොනාට අන්දන්නේ...? නීතිඥයෝ විනිසුරුතුමාවද අන්දන්න හදන්නේ? අංගොඩ ලොක්කා හිටියා නම් ඕක දවසින් හොයලා. හැබැයි පොලිසියට වෙන්නේ කපුවා හොයන්න...!
දේවාලයට ලැබෙන පුද පඩුරුවල පූර්ණ අයිතිය ඇත්තේ කපුවන්ට බව පිලිගත් සම්ප්‍රදායයි. මේ කපුරාලට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කල නොහැක. තවත් එක් නාටකයක් ටික දිනකින් නිමාවනු ඇත.
කපුවා කපෝති...!
මෙම ඇදහිලි තනිකරම මිත්‍යාව පිරිච්ච හොර කපුවන්ට අතේ තියෙන පිච්චිය පුදකරන නිෂ්ඵල දෙයක් කියලා තේරෙනවා නේද? රටපුරාම තියෙන දේවාල වර්ජනය ක්‍රියාත්මක කිරීම හොඳම විසඳුම.. පන්සල්වල දේවාලත් ඇතුලුව... ඒවා කපුවන් සමග චීවරධාරීන් තරකිරීම සඳහා අටවාගත්තු මගඩි... අනික දේවාල බොහෝමයක් පලාතේ දේශපාලන බලවතුන්ට ගෑවුණු දේවල්. කතරගම රාජපක්ෂ පවුලේ බූදලයක්. ශෂීන්ද්‍ර කලක් බස්නායකකම කළා මතකද? කොහොමද ආදායම...?
අපේ රටේ ඉන්න හරක් මේ අය ගාවට යනවා.