
(අංජුල මහික වීරරත්න)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලෙන් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල සඳහා හෘද රෝග ඒකකයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
රුහුණූ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතාගේ සංකල්පයක් අනුව මෙම හෘද රෝගී ප්‍රතිකාර වාට්ටු සංකීර්ණය ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වය යටතේ ඉදිකිරීමට කටයුතු යොදා ඇත.
මහල් 03 කින් යුතුව ඉදිකෙරෙන මෙම වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් වැඩකටයුතු ආරම්භ කිරීම සදහා මුල්ගල තැබීම රුහුණූ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතාගේ ආරාධනයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට එක් වෙමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා කියා සිටියේ පසුගිය රජයන් පැවැති 2004 සහ 2005 කාලයන් හි රෝහලේ සංවර්ධන කමිටුව නියෝජනය කරමින් රෝහලේ සංවර්ධනයට විවිධ අදහස් යෝජනා ඉදිරිපත් කළ ද එම කටයුතු සිදු කර ගත නොහැකි වූ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දේවාල වලට ලැබෙන මුදල් සියල්ල මේ ආකරයට සමාජ සත්කාරය සඳහා යෙදවිය යුතුයි...
ඔය වගේම ශ්‍රීපාදස්ථානයට ලැබෙන මුදල් කිලෝ 30 වැනි පාර්සල් හැටියට (දිනකට පාර්සල් 25ක් 30ක් පිරිකර ගෝනි හැටියටත්) පොලිස් ආරක්ෂාව යටතේ පහළට ගේනවා පේනවා... ඒවාට වෙන්නේ මොකක්ද කියලා දන්නේත් නැහැ. ඇත්තටම කලකට පෙර සාම විහාරය දක්වාම වාහන ගමනට තිබූ අවස්ථාවත් ඒ මුදලින් වසා සූරාකෑමට අවස්ථා ඇතිකර තියෙනවා.. උදාහරණයක් හැටියට සමන් දෙවියන්ගේ පිත්තල රූපයක් තියාගෙන තිබුණු මාර්ගයත් වසාගෙන සැදැහැවතුන් බියගන්වා මහාපරිමාණයේ ගසාකෑම් කරනවා... ඊළඟට පිළිම රාශියක් ඉදිකරගෙන බියගැන්වීම් කර ගසාකෑමේ යෙදෙනවා...
ඔය විදියට අනිකුත් සිද්ධස්ථාන වලට වගේම අයිතිහාසික ස්ථාන නරඹන්න එන දෙස් විදෙස් සන්චාරකයින් ගෙනුත් ගසාකන මුදලින් කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද?
හරි ආණ්ඩුවක් ආවාම දෙයියන්ටත් මතක් වෙනවා පිං කරන්න ඕනෑ නේද නැත්තං හිරේ තමයි කියලා..!
ඔය බෞද්ධ සිද්ධස්ථාන වලින් සමාජ සත්කාර කරන්න ඕන කියන උන්, ඒවට හම්බෙන සතේට ගනන් හදන උන් කියපල්ලකො YMCA එකට තියෙන හෝටල්, අනිත් එක මුස්ලිම් පල්ලිවලට වෙන රටවල් වලින් හම්බෙන ඩොලර් මිලියන ගණන් ආධාර, ඒවට මොකද වෙන්නෙ?
කරාපිටිය මහා රෝහලේ තිබෙන මොලයේ හදිසි ආඝාත වලට ලක්වූ රෝගීන්ට ප්‍රතිකාර කරන බහුත චිකිත්සාව ලබාදෙන වාට්ටුව රෝගීන්ගෙන් පිරි ඉතිරි යාම නිසා බොහෝ රෝගීන්ට අංශභාග තත්වය පිටින්ම ගෙදර යන්න වෙලා තිබේ. කරුණාකර සල්ලි තිබේනම් තව එවැනි වාට්ටුවක් සාදවා දෙන්න. විශාල සේවයක් විශාල පිනක්.
මෙය කෙරෙන්නෙ සමුපකාර සංවර්ධනය යටතේ වගෙයි..