දිලීප් ජයසේකර
රුහුණු මහා කතරගම දේවාලට පූජා කරන ලද රත්‍රං පවුම් 38ක් බරැති රන් තැටියක් දේවාලයේ ගබඩාවෙන් අතුරුදහන් විම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දේවාලයේ ගබඩා බාරකරු චූටි කපුරාල රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර දෙකක් මත මුදා හරින්නැයි තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු ද සිල්වා මහතා අද නියෝග කළේය.
කොළඹ අපරාධ කොට්ඨාශයට භාරවීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගත් සැකකාර චූටි කපුරාල තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) දහවල් ඉදිරිපත් කළේය.
සැකකරුට සෑම ඉරුදිනකම කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනි සිටින ලෙසද අධිකරණය නියෝග කෙරුණි.
මෙලෙස ඇප මත මුදා හැරියේ රුහුණු මහා කතරගම දේවාලයේ ගබඩා බාරකාර කපු මහතා ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චුටි කපුරාල නමැත් තෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි ගණනක වංචාවක සැකකරුවෙක්ට උසාවියට ඉදිරිපත් කල සැනින් ඇප ලැබුණේ දෙවියන්ගේ අනුහසින් වෙන්න බැරිද අපේ හාන්දුවනේ !
මූ අපරාදේ පපුවේ බිත්තර තම්බ තම්බ හැංගිලා හිටියේ. සමහර විට මූවත් දන්නෙ නැතිව ඇති මෙච්චර ඉක්මනට ඇප හම්බවෙයි කියල
චුටි කපුරාල හෙට සිට දේවාලයේ නැවතත් රාජකාරියේ , කරුණාකර මෙම නිවුස් පලකරන්න එපා අපිට තවත් මේරට එපා වෙනවා