(ෂේන් සෙනෙවිරත්න )

කොත්මලේ වැවතැන්න ගම භීතියට පත් කරමින් පොළොව යටින් නැගෙන අද්භූත ශබ්දය සම්බන්ධයෙන් ගම්වැසියන්ට බිය විමට හේතුවක් නොමැති බව පේරාදෙණිය විශ්ව විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි .

එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ නිරත වූ ජේෂ්ඨ නිරත වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පවසා සිටියේ පොළොව අභ්‍යන්තරයේ ඇති කුහරයකින් ජලය සහ වාතය ගමන් කිරීමේදී ඇතිවන ප්‍රතික්‍රියාවක් මෙම ශබ්දයට හේතු වන බවයි .

දැනට සතියකට ආසන්න කාලයක් තිස්සේ නැගෙන මෙම අද්භූත ශබ්දයට බිය වූ ගම්වැසියන් රාත්‍රී කාලය ගත කිරීම සඳහා එම ගම ආසන්නයේ ඇති වෙනත් ගම් කරා යාමට පවා පෙලඹී සිටින අයුරු දැකගත හැකි විය .

කොත්මලේ වැවතැන්න ගම්වාසීන් පවසනුයේ ගමේ ඇති ක්‍රීඩා පිටියේ පොළොව යටින් විශාල වතුර මෝටරයක් ක්‍රියාත්මක වන ආකාරයේ ශබ්දයක් නැගෙන බවයි . එම ශබ්දයෙන් භීතියට පත්වී ඇති ගම්වැසියන් පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා දැනුම් දී ඇති අතර පුන්ඩලුඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් වහාම එම ස්ථානයට එම ශබ්දය අත්විඳීමෙන් අනතුරුව ගම්වාසීන්ට පවසා ඇත්තේ භූ විද්‍යාව පිළිබඳ දැනුම ඇති අය එම ස්ථානය නිරීක්ෂණය කරන තුරු ගම්වාසීන්ට ආරක්ෂක ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි .