IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කතානායක වෙස්ට්මිනිස්ටර් ප්‍රධානියා හමුවෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ ආසියා පැසිෆික් සහ ඇමරිකානු කලාපීය අධ්‍යක්ෂ මැතිව් හෙජස් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. 

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ සංජේ විග්නරාජා මහතාද සහභාගිවූහ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ සමීපව කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම  රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා කටයුතු සඳහා ලබා දෙන දායකත්වය මෙහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ඇගයීමට ලක්විය. 

ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කිරීමට මෙමගින් හැකිවී ඇති බව පැවසූ කථානායකවරයා මෙම සහයෝගයට සිය කෘතවේදීත්වය පළකරන බවත් ඉදිරියේදීත් එම සහය තවදුරටත් අපේක්ෂා කරන බවත්  සඳහන් කළේය.



අදහස් (2)

කතානායක වෙස්ට්මිනිස්ටර් ප්‍රධානියා හමුවෙයි

ravin Monday, 11 March 2024 01:54 PM

කරන කියන වැඩවලින් නම් පේනවා වෙස්ට් මිනිස්ටර් ක්‍රමයම තමයි අනුගමනය කරන්නේ කියලා...

:       0       4

Bunny Preena Monday, 11 March 2024 02:45 PM

ශීර්ෂ පාඨය දැක්කාම මට හිතුණේ හදිස්සියේම කතානායකයා ඇමෙරිකාවටත් ගියාද කියලයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site