(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මඩකලපුව නගරයේ පිහිටි හෝටලයක කොත්තු සෑදීමේනිරතව සිටින 23 හැවිරිදි  තරුණයකුගෙන් රුපියල් 6,500 මුදලක් කොල්ල කෑවේ යැයි කියන එරාවුර් පොලීසියේ රාජකාරි කරන නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ  තහනම් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මූලික විමර්ශනයක් පවත්වා මෙසේ වැඩ තහනම් කර ඇත්තේ එරාවූර් පොලීසියේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙකු, ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකු ගේ සහ පොලිස් කොස්තාපල් රියදුරෙකුගේ ය.

එරාවුර් ප්‍රදේශයේ මාර්ගයක  රාත්‍රී කාලයේ ගමන් ගත් මෙම තරුණයා අල්ලා ගත් පොලිස් නිලධාරීන්  ඔහු ළඟ හැඳුනුම්පතක් නොමැති බවට චෝදනා කරඅල්ලාගෙන අත් විලංගු දමාපොලිස් ත්‍රිරෝද රථයේ දමාගෙන ගොස් මුලින්ම පහරදීමක් සිදුකර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

අයිස් මත්ද්‍රව්‍ය දමා මෙම තරුණයාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවට පවසා තර්ජනය කරඑසේ නොකර සිටීමට  යැයි කියා මෙම මුදල බලහත්කාරයෙන් කොල්ලකා  පසුව එම තරුණයාව මුදාහැර ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

පසුව මෙම තරුණයා සිවිල් ආරක්ෂක බලකායේ සෙබළකු ලෙසරාජකාරි කරන  ඔහුගේ පියා ද සමඟ ගොස් මේ ගැනමඩකලපුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීඅමල් එදිරිමාන්න මහතා ට මහතාට පැමිණිලි කර ඇත

සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තිදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කර ඇත.