(සුජිත් හේවාජුලිගේ )
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව හස්ත කර්මාන්ත මණ්ඩලය කුලියට දුන් ගොඩනැගිල්ලකින් හිඟ බදු කුලී අය කර නොගැනීම හේතුවෙන් රුපියල් කෝටි 11කට ආසන්න මුදලක් ( 2022 දෙසැම්බර් 31 දිනට) පාඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.
කෞතුකාගාර දෙපාර්තමේන්තුව ගොඩනැගිල්ලක් 2011 අගෝස්තු 10 දින සිට 2021 ජුලි 31 වැනිදා දක්වා වර්ෂ 10 ක කාලසීමාවකට බදු පදනම මත ලබාදී තිබුණද එම ගොඩනැගිල්ල වෙනුවෙන් වරිපනම් ගාස්තු ජල ගාස්තු වැනි වියදම්ද ඒ දෙපාර්තමේන්තුව දරා තිබු බව එම වාර්තාවේ දැක්වේ.
හස්ත කර්මාන්ත මණ්ඩලය එම ගොඩනැගිල්ලෙන් 2023 වර්ෂයේ ජනවාරි මස 1 වැනිදා ඉවත්වීම හේතුවෙන් ගොඩනැගිල්ල මුද්‍රා තබා වසා තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර ජාතික කෞතුකාගාර පුස්තකාලය සඳහා ගිනි ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් කෝටි දහයක පිරිවැය ඇස්තමේන්තුවක් යටතේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබූ නමුත් මෙම වසරේ අප්‍රේල් මස 4 වැනිදා දක්වාම ව්‍යාපෘතියේ වැඩ අවසන් කර නොතිබූ බවද එම කාර්යාලය සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කිරීමට නියමිතව තිබී ඇතැයි පැවසෙන්නේ 2022 මාර්තු මස 31 වැනිදායිනි.
ව්‍යාපෘතිය සඳහා එම දිනයට රුපියල් තුන් කෝටියකට ආසන්න මුදලක් වැය කර තිබුණද ව්‍යාපෘතියේ සමස්ත භෞතික කාර්ය සාධනය දැක්වුණේ සියයට 35ක් ලෙස බව එම කාර්යාලය වැඩිදුරටත් පවසයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ 2022 කාර්ය සාධන වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් ඉතින් හස්ත කර්මාන්තය ප්‍රගුන කාරපු අය තමා. හැබැයි අපිට නම් එක සදහා ගොඩනැගිලි දෙන්න කවරෙක් වත් හිටියෙ නැහැ. අපිට දුන්නා නම් බඩු වලටත් ගෙවල, ඉතුරුව පොතෙත් දානවා.
ඔය මණ්ඩලයත් රජයේ ආයතනයක් නේද? ඉතින් රජයේ මුදල්ම එක තැනකින් අර තැනට නොගියා කියන එකනේ මේ කියන්නේ. එතකොට ඒ නොගෙවූ මුදල අර මණ්ඩලය ලාභයක් කියලද දාලා තියෙන්නේ?