
(අංජුල මහික වීරරත්න)
75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරුණු “Path to Freedom” කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික කෞතුකාගාරයේදී විවෘත කෙරිණි.
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව මෙම කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.
ප්‍රදර්ශන භූමිය වෙත පැමිණි ජනාධිපතිවරයා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් පිළිගනු ලැබීය.
ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා එය නැරඹීමට ද එක් විය.
1919- 1972 දක්වා නිදහසේ සටන සම්බන්ධව ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථාන පිළිබිඹුවන පුවත්පත්වල මුල් පිටු එකතුව "නිදහසේ මුල්පිටු" ප්‍රකාශනය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ මහත්මිය මෙහිදී ජනාධිපතිවරයාට පිළිගැන්වුවාය.
Path to Freedom ප්‍රදර්ශනය පෙබරවාරි 10 වැනි දා දක්වා පෙරවරු 9.00 සිට 5.00 දක්වා කොළඹ කෞතුකාගාරයේදී පැවැත්වේ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ජනාධිපතිවරයත් හරියට කෞතුක භාණ්ඩයක් වගේ වෙලානිසා එයත් ඔතන ප්‍රදර්ශන භාණ්ඩයක් හැටියට තියන්නයි වටින්නේ...
ලෝක හොරෙක්ට වටින දේවල් පෙන්නනවා විතරක් නෙවෙයි කට පළල්කරලා හිනාවෙන්න මේ තරම් බයාදුකමක්...!!! අනේමංදා මේ රජයේ සේවකයින්ට ලැජ්ජා නැද්ද? තනතුරට ගරුකිරීමයි ලැජ්ජා නැති බයාදුකමයි දෙකක් බව රජයේ සේවකයින්ගේ පත්වීමේ ලිපියේම ලියලා දෙන්න ඕනෑ...
වැඩක් නැහැ. ඔතැන තිබුණු සමහරක් වටිනා දේවල් අපේ රට හොරා කාපු රාජපක්ෂලා කියන මිථ්‍යා දෘෂ්ටිකයින් පැහැර ගත්තා. කවුදෝ හොර මන්තරකාරයෙක් මහින්දට කියලා 'දුටුගැමුණු' රජතුමා පාවිච්චිකළ කඩුව ගත්තොත් "මැරෙන්නේ නැහැ, සදහටම රටේ නායකයා ලෙස ඉන්නවා" කියලා. මොවුන් රාජ්‍ය බලය යොදවලා කොහොම හරි කඩුව ඉස්සුවා... තාත්තයි,මෝඩ පුත්තුයි එකතුවෙලා. ඒ මිත්‍යා දෘෂ්ටිකයින් රාජ්‍ය බලය කෙසේවෙතත් අද " බල්ලා මාක් " එකට වැටිලා හැංගිලා ඉන්නවා. මැරෙන්නේ නැහැ කීවාට..