(අංජුල මහික වීරරත්න)
කොළඹ බේරේ වැව පතුල පෙනෙන ලෙස මාස හයක් ඇතුළත නොමිලේ පිරිසිදු කර දෙන්නට ජපානයේ සමාගමක් ඉදිරිපත්ව සිටී.
බේරේ වැවේ වෙසෙන බැක්ටීරියා පාවිච්චි කොට අදාල පිරිසිදු කිරීම් කරන බව ව්‍යපෘතිය බාරව කටයුතු කරන ජපානයේ ග්‍රොපෝ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මසසි ඔත්සු මහතා පැවසීය.
බේරේ වැවේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට අදාල ජපන් සමාගම විසින් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන තුනකි.
"බේරේ බේරා ගමු" ව්‍යපෘතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹ ගලධාරී හෝටලයේ පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ජපාන සමාගමේ විධායක නිලධාරී මසසි ඔත්සු මහතා පැවසූයේ මේ වන විට බේරේ වැව පතුලේ ඔක්සිජන් නොමැතිවීම හේතුවෙන් බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අක්‍රීය තත්ත්වයකට පත්ව ඇති බවයි.
ජපානයෙන් ගෙන්වූ විශේෂිත යන්ත්‍ර වල ආධාරයෙන් බේරේ වැව පතුලට ඔක්සිජන් සැපයුම ලබා දී එහි බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කොට එම බැක්ටීරියා ආධාරයෙන් අප ජලය පිරිසිදු කිරීම තම ආයතනය අනුගමනය කරන ක්‍රමවේදය බවද මසසි ඔත්සු මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ හෙංචයියලා තවත් වතාවක් බේරෙ වැවේ නාන්න ලෑස්ති වෙනවා වගේ... ළඟදීම එය ඉටුවෙයි.
නොමිලේ කෙරෙන වැඩකින් කොමිස් ගහන්න චාන්ස් එකක් නැති වෙන හින්දා වැඩේ තමුන්නැහැලගෙ සමාගමට ලැබෙයි ද මන්දා ජපන් මහත්තයෝ. මේක එහෙව් රටක්! තෙරුවන් සරනයි.
මසසි ඔත්සු මහත්තයාට බොහෝම පිං. මොකද අපේ කට්ටිය තව ටික දෙනෙක් ඉන්නවා.. ආයිත් ඕකේ නාන්න ආසාවෙන්, කලින් නම් කට්ටියක් නෑවා. ඕකේ කිසි හිරිකිතක් නැතුව... අනේ පොඩ්ඩක් බලලා ඕක ඉක්මනට කරලා දෙන්න...
ඕකෙ පතුල දැක්කොත් ඔයපැත්තේ ඉන්න බල්ලොත් බත්කන එක නවත්වයි. මිහිපිට අපාය දැකගන්න ... ඕක දෙපස ජීවත්වෙන මිනිස්සුන්ට හැකි වේවි.
ඉදිරිය ගැන සිතා කළ හොඳ ආයෝජනයක් ...
මොකෝ ගියපාර නාලා ගිය එවුන් අසනීප වුණාද? පිරිසිදු කරලා තියාගන්න ඉස්සරහට නිතරම නාන්න වෙයි.
දැන් දැන් රනියාගෙයි, මයිනාගෙයි, සජියාගෙයි... බයියෝ, ටොයියෝ.. ඔක්කෝම හොඳටම වටහාගෙන ඉවරයි. මිළඟ ඡන්දයෙන් පස්සේ.. පැරැදිලා පාරේ යන්න බැරිබව. ඔවුන් දන්නවා ඔවුන් ඔක්කෝටම බේරේ වැවෙන් කුණු වතුර නාන්න වෙන බව. ඒ නිසා පෙර සූදානමක් වශයෙන් බේරේ වැව සුද්ද කරලා ලැහැස්ති කරනවා. කොයිතරම් සුද්ද කරලා තිබුණත්" එදාට "අපි බෙරේ වැවට" කහඹිලියා "තලලා දාලා තමයි එක එකාව අරගෙන ඇවිත් වැවේ ඔබන්නේ...!
අපරාදෙ, දැන් කට්ටියව නාවන්න බැරිවෙනවා.
ඔක්සිජන් කන්නද කියලා අහපු කෙනෙකුත් ඉන්නවා.
හොඳට තියෙන දේ කුණු කරගෙන, හත්පොලේ ගාගන්න ජාතියක් කීවොත් අපි එකට කොළඹ තියෙන බේරේ වැව ළඟ හිටියොත් පෙනෙනවා කුණු කාණු ඔක්කෝම ඕකට තමයි හරවලා තියෙන්නේ කියලා... ඒ කරලා කොළඹත්, අපිරිසිදු කරගෙන ගඳ ගස්සවාගෙන ඉන්නවා. හැබැයි ඇමැතියෝ, නගර සභා සියල්ල තියෙනවා. ඇත්තට මොවුන් ඉන්නේ මොකටද අප්පා...? රෝසිගේ වැසිකිළියට විතර කෝටි ගණන් වියදම් කරලා, මොනවද කරේ අප්පා. බේරේ වැව කුණු වෙන්න යවන රටක්:) ඊළඟ අවුල තමයි, කොළඹ කක්කා ලයින් ටික මුහුදට දාන එක... ළඟදීම සුපිරි පරිප්පුවක් හම්බ වෙනවා ඕකෙනුත්...
මෙච්චරයි මිනිස්සුන්ට අඩු. මේකෙන් හොරාකන්නේ කවුද දන්නෑ...?
වැසිකිළි නල සහ අපජලය වැවට යාම වළක්වන්න..
සතුටු විය හැකි කරුනක්. සම්තිං එකක් හොයන්ට ඉන්න පිරිසගෙන් මෙම වියපෘතියට බදාවක් නොවුනොත් හොන්ඩයි.