IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කැණීම් බලපත්‍රයක් ඩොලර් කෝටි නවයකට විකුණලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කිසියම් ආයතනයකට ලබා දී තිබූ කැණීම් බලපත්‍රයක් භූ විද්‍යා හා පතල් කාර්යාංශයට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට නොදන්වා හොර රහසේ ඩොලර් කෝටි නවයකට වෙනත් පුද්ගලයකුට විකුණා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව ‍) තොරතුරු  අනාවරණය විය.

ඇතැම් ආයතනවලට ලබාදී ඇති අපනයන ඛනිජ සදහා වන කැණීම් බලපත්‍ර, කාර්යංශය හා ලේකම්වරයාට දැනුම්දීමකින් තොරව වෙනත් පුද්ගලයන්ට පවරා ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යංශයේ සභාපතිවරයා  එම කාරක සභාවේදී සඳහන් කළේය.

එම තොරතුරු කඩිනමින් විගණකාධිපතිවරයාට ලබා දෙන ලෙස
කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මාධ්‍ය හමුවක් පවත්වා කෝප් කමිටුව සම්බන්ධයෙන්  කරුණු දැක්වීම පිළිබදව මෙහිදී කරුණු විමසන ලදී. මෙහිදී අදහස් දැක්වූ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපතිවරයා  පැවසුවේ එම මාධ්‍ය හමුවේදී  කෝප් කමිටුව විවේචනය කිරීමේ අරමුණක් නොතිබූ බවයි. එම සාකච්ඡාවේදී පළ කෙරුණු අදහස් හේතුවෙන් යම් ආකාරයක අපහසුතාවක් සිදුවූයේ නම් ඒ පිළිබදව සමාව ඉල්ලා සිටින බවද  සභාපතිවරයා සඳහන් කළේය.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවනු ලැබූහ. මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ ප්‍රධානින්  එම කමිටුව හමුවට මාස කිහිපයක් ඇතුළත කැඳවනු ලැබූ තෙවැනි අවස්ථාව මෙයයි.

කාර්යාංශය සමග නිරන්තර අවධානයෙන් සිටිමින් එම කටයුතු අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව කෝප් කමිටුව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දුන්නේය.

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  රවුෆ් හකීම්,අනුර ප්‍රියදර්ශන යාපා,  මහින්දානන්ද අලුත්ගමගේ,  එස්.එම්.එම් මුෂාරෆ් යන මහත්වරුන්ද භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති ආර්.සංජීපන් සහ අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන)  එම්.එම්.ජේ.පී.අජිත් ප්‍රේමා  යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.


 



අදහස් (0)

කැණීම් බලපත්‍රයක් ඩොලර් කෝටි නවයකට විකුණලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site