
(යොහාන් භාසුර,ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ තුසිත ද සිල්වා)
බේරුවල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 8 ක් පමණ දුරින්, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ මුහුදේදී අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අනතුරට පත් ධීවරයක් හයක් බේරාගත් බව නාවික හමුදාව පවසයි.
ජලය කාන්දු වී මුහුදේ ගිලෙමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් හය දෙනෙක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සීජී 208 යාත්‍රාවෙන් නිරුපද්‍රිතව බේරාගත් බවත් එම බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත කළ දැනුම්දීමකට අනුව වහා ක්‍රියාත්මක වූ නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සීජී 208 යාත්‍රාව අනතුරට පත් ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත යොමු කළ බවත් නාවික හමුදාව කියයි.
එම යාත්‍රාව කඩිනමින් අනතුරට පත් ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත ළඟාවී ගිලෙමින් තිබූ එම බහුදින ධීවර යාත්‍රාවේ ජීවිත අවදානමට පත්ව සිටි ධීවරයින් හය දෙනා නිරුපද්‍රිතව මුදවා ගැනීමට කටයුතු කළ බව කී නාවික හමුදාව මුදවාගත් ධීවරයින් පිරිස මේ වනවිට ගොඩබිමට රැගෙන එමින් සිටින බව ද සඳහන් කළේය.



2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුණාටුවකට හසුවූ ධීවරයන් 6 ක් නාවික හමුදාව බේරාගනී
මහදැනමුත්තා Sunday, 14 May 2023 03:01 PM
මේ දවස්වල එක දිගටම කියනවා මුහුදු යන්න එපා කියලා. මොවුන් අමු හරක්නේ කියන සිංහල තේරෙන්නේ නැති...
Bunny Preena Monday, 15 May 2023 12:28 PM
ආණ්ඩුව ධීවරයින්ට මුහුදු යන්න එපා කියලා... නිකන් ඉඳලා හරියන්නේ නැහැ. එම කාලයට ධීවර පවුල්වල අයව නඩත්තු කරන්නට අවශ්‍ය කෑම බීම සපයන්න ක්‍රමවේදයක් සලස්වන්න ඕනේ...