(පද්මසිරි ගාර්දියවසම්)
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ අතුරුදහන්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .
නාකුලුගමුව සීනිමෝදර බටහිර මල්ගම්පුර පදිංචි කරුවෙකුට අයත් මිහින්දි නමැති අතුරුදහන්ව ඇති එක්දින ධීවර යාත්‍රාවේ කුඩාවැල්ලේ පදිංචි වයස අවුරුදු 20, 23, 30 වයසේ පසුවන ධීවර තරුණයින් තිදෙනකු මුහුදු ගොස් ඇතැයි පොලිසිය පැවසීය . අද (23) එම ධීවරයින්ගේ පවුලේ අය පැමිණ තංගල්ල මූලස්ථාන පොලිසියට සිද්ධිය පිලිබදව පැමිණිලි කර තිබේ .
අතුරුදහන් ධීවර යාත්‍රාව සොයා වෙනත් බහුදින ධීවර යාත්‍රා කිහිපයක් යොදවා සොයා බැලීම් කරන බවද සිද්ධිය පිලිබදව නාවික හමුදාව දැනුම්වත් කල බවද කුඩාවැල්ල ධීවර වරායේ නිළධාරියෙකු පැවසීය .
තංගල්ල මූලස්ථාන පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd