
(කේ බුද්ධික කුමාරසිරි)
සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු සහ අරගලයේ මුල් පෙලේ සාමාජිකයකු වන ප්‍රියත් නිකේෂල නැමැත්තාට පහරදීම සම්බන්ධයෙන් කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න පහරදුන් බව කියන චන්දික අබේරත්න සහ ප්‍රියත් නිකේෂල පහර දුන් බවට වන පැමිණිලි සම්බන්ධයෙන් තලංගම පොලිසිය අධිකරණයට කරුණ වාර්තා කිරීමෙන් පසු රෝහල් ගතව සිටින එම සැකකරුවන් දෙදෙනා පරීක්ෂා කර බලා ලබන 17 වන දින අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙස කොළඹ අධිකරණය වෛද්‍ය නිළධාරී වෙත කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (11) දින නියෝග කළාය.
එසේම අදාල සැකකරුවන් පරීක්ෂා කර බලා සැකකරුවන්ට ඇප ලබා දෙන්නේ ද නැද්ද යන තීරණය කරන ලෙස කොළඹ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණය වෙත නඩුව යොමු කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කලාය.
තලංගම කොස්වත්ත සමගි මාවතේ දී අදාල සැකකරුවන් දෙදෙනා ගැටුමක් ඇති කරගෙන ඇති බවත් දෙදෙනාම පහර කෑමට ලක්වූ බව පවසමින් මේ වන විට කොළඹ ජාතික රෝහලේ සහ මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවද තලංගම පොලිසිය මගින් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් පැවැසීය
මෙහිදී සැකකාර ප්‍රියත් නිකේෂල නැමැත්තා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ නීතිඥ නුවන් බෝපගේ පෙනී සිටි අතර සැකකාර චන්දික අබේරත්න වෙනුවෙන් නීතිඥ නුවන් ජයවර්ධන යන නීතිඥවරු පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා කියන පුද්ගලයා වෙනුවෙන් පෙනී හිටින කළු කෝට් දෙපළගේ නම් කියෙව්වම කතාවේ ඉතුරු කොටස හිතා ගන්න පුළුවන්. ඒ වගේම අරගලේට සල්ලි පොම්ප කළේ ඇන්ජීඕ කාරයෝ සහ බටහිරයෝ කියන කතාව ඇත්ත බවත් තේරෙනවා.
අරගලය කොතැනද සාලිය එතන... කොහොම ගාණක් ලැබෙන්න ඇත්ද...?
අම්මට සිරි "සමගි මාවතේ "ගුටි බටේ