
(ගයාන් සූරිය ආරච්චි සහ ගම්පහ තිලකරත්න දිසානායක)
කඩවත ඇල්දෙනිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයට අද (26) අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් එම පක්ෂ කාර්යාලයට එල්ල කර ඇති බව එම නිලධාරියා පැවසීය.
මෙම බෝම්බ ප්‍රහාරයට දේශපාලනික පළිගැනීමක් මුල් වී ඇති බවට පොලිසිය සැක පලකරයි.
පොලිසිය සිදුකළ විමර්ශනවලදී පක්ෂ කාර්යාලය ඉදිරියේ ඇති මාර්ගයේ තිබී ජීව අත්බෝම්බයේ කොපුව හමුවී තිබූ අතර එම අත් බෝම්බය පක්ෂ කාර්යාලය තුළ තිබියදී සොයාගෙන තිබේ.
බෝම්බ ප්‍රහාරය එල්ල කළද බෝම්බය පිපිරි නොමැති අතර සිදුවීමට ගිය විනාශයක් වැළකී ඇති බව පොලිසිය පවසයි.
කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මෙම බෝම්බ ප්‍රහාරය පක්ෂ කාර්යාලයට එල්ල කර පලා යන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කල අතර සැකකරුවන් සොයා පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.
බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය මහතාගේ උපදෙස් පරිදි කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ ජේ වයි බී ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ අය දම්මලා බෝම්බ ගස්සලා භීෂණයක් මවලා ඡන්දෙ දිනන්න වගේ ප්ලෑන් එක... ?
ඒත් අපි බැලුවේ ඡන්දෙට වැඩ පටන් ගන්න පරක්කු ඇයි කියලා...
ඡන්දෙ කිට්ටු නිසා... මහජනයාට භීතිකාවක් ඇතිකරන්න, පරණ කාලේ කතන්දර හදන්න පටන් අරගෙන වගෙයි. රාජිතගේ පිටපතක්ද? නැත්නම් කප්පම් ප්‍රසන්නගේ අප්‍රසන්න පිටපතක්ද?
අපි අහුවෙයි ඕවාට... එයාව විකුණලා ගොඩක් කල්...!
JVP නායක රෝහණ විජේවීර සහෝදරයාගේ බලාපොරොත්තුව ඉටු කරමින් ....පූර්ණ සමාජවාදය වෙනුවෙන් - JVP අපි..
ජෙප්පෝ වැඩ පටන් අරන් වගේ...
88, 89 පෙරනිමිති නොවේවා...!
ඔය විදිහේ තව දෙකතුනක් ආණ්ඩුවේ බත් බැලයින් ලව්වා කරවලා ඒවා ජවිපයේ පිටට දාලා ඒක තහනම් කරන පාරෙද මේ යන්නේ?
පාලු ගෙවල්වලට වෙඩි තියන්න පිස්සුයැ?