IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කඩවත එජාප කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක්

(ගයාන් සූරිය ආරච්චි සහ ගම්පහ තිලකරත්න දිසානායක)

කඩවත  ඇල්දෙනිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයට අද (26) අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් එම පක්ෂ කාර්යාලයට එල්ල කර ඇති බව එම නිලධාරියා පැවසීය.

මෙම බෝම්බ ප්‍රහාරයට දේශපාලනික පළිගැනීමක් මුල් වී ඇති බවට පොලිසිය සැක පලකරයි.

පොලිසිය සිදුකළ විමර්ශනවලදී පක්ෂ කාර්යාලය ඉදිරියේ ඇති මාර්ගයේ තිබී ජීව අත්බෝම්බයේ කොපුව හමුවී තිබූ අතර එම අත් බෝම්බය පක්ෂ කාර්යාලය තුළ තිබියදී සොයාගෙන තිබේ.

බෝම්බ ප්‍රහාරය එල්ල කළද  බෝම්බය පිපිරි නොමැති අතර සිදුවීමට ගිය විනාශයක් වැළකී ඇති බව පොලිසිය පවසයි.

කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මෙම  බෝම්බ ප්‍රහාරය පක්ෂ කාර්යාලයට එල්ල කර පලා යන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කල අතර  සැකකරුවන් සොයා පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.

බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය මහතාගේ උපදෙස් පරිදි කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ ජේ වයි බී ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



අදහස් (9)

කඩවත එජාප කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක්

chandima Tuesday, 26 March 2024 05:14 PM

තමන්ගේ අය දම්මලා බෝම්බ ගස්සලා භීෂණයක් මවලා ඡන්දෙ දිනන්න වගේ ප්ලෑන් එක... ?

:       1       0

චන්දන Tuesday, 26 March 2024 05:39 PM

ඒත් අපි බැලුවේ ඡන්දෙට වැඩ පටන් ගන්න පරක්කු ඇයි කියලා...

:       1       0

විජිත් Tuesday, 26 March 2024 06:17 PM

ඡන්දෙ කිට්ටු නිසා... මහජනයාට භීතිකාවක් ඇතිකරන්න, පරණ කාලේ කතන්දර හදන්න පටන් අරගෙන වගෙයි. රාජිතගේ පිටපතක්ද? නැත්නම් කප්පම් ප්‍රසන්නගේ අප්‍රසන්න පිටපතක්ද?

:       1       0

Amarasiri - gampaha Tuesday, 26 March 2024 06:18 PM

අපි අහුවෙයි ඕවාට... එයාව විකුණලා ගොඩක් කල්...!

:       1       0

Lal Tuesday, 26 March 2024 06:42 PM

JVP නායක රෝහණ විජේවීර සහෝදරයාගේ බලාපොරොත්තුව ඉටු කරමින් ....පූර්ණ සමාජවාදය වෙනුවෙන් - JVP අපි..

:       0       1

Bamunuarachchi Tuesday, 26 March 2024 06:47 PM

ජෙප්පෝ වැඩ පටන් අරන් වගේ...

:       0       1

abeygunasekarasampath95 Tuesday, 26 March 2024 06:58 PM

88, 89 පෙරනිමිති නොවේවා...!

:       0       1

Perera Wednesday, 27 March 2024 10:02 AM

ඔය විදිහේ තව දෙකතුනක් ආණ්ඩුවේ බත් බැලයින් ලව්වා කරවලා ඒවා ජවිපයේ පිටට දාලා ඒක තහනම් කරන පාරෙද මේ යන්නේ?

:       1       1

සෙනෙවිරත්න Wednesday, 27 March 2024 03:10 PM

පාලු ගෙවල්වලට වෙඩි තියන්න පිස්සුයැ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site