(අංජුල මහික වීරරත්න)
2030 වන විට “සැමට ඉංග්‍රීසි” වැඩසටහන මෙරට සියලු පාසල්වල ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
භාෂා දැනුම සිංහල සහ දෙමළ භාෂාවන්ට පමණක් සීමා කළ නොහැකි බවත් අනෙකුත් භාෂා දැනුමද සිසු පරපුරට ලබාදිය යුතු බවත් ජනාධිපතිවරයා කීය.
එසේම විශ්ව විද්‍යාල සිසුන්ට ද ඉංග්‍රීසි දැනුම ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ අධ්‍යාපනඥ ආර්.අයි.ටී. අලස් මහතාගේ 10 වන ගුණසමරු උත්සවයට එක් වෙමිනි.
අද (16) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙම උත්සවය පැවැත්විණි.
ආර්.අයි.ටී. අලස් මහතාගේ 10 වන ගුණ සමරුව නිමිත්තෙන් “මගේ මංපෙත” ස්වයං චරිතාපදානය ග්‍රන්ථය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.
විදුහල්පතිවරුන් දහසකට ග්‍රන්ථය පිළිගැන්වීම සංකේතවත් කරමින් දස දෙනකුට ග්‍රන්ථය පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද කඩුව විතරක්? ජර්මන්, ස්පාඤ්ඤ, ජපන්, චීන, ප්‍රංශ, ඉන්දියානු, අරාබි වගේ භාෂාවන් ඉගෙනගත්තොත් නරකද?
මෙතුමා මුලින්ම ඩෙලික් ආරම්භ කර දුෂ්කර ප්‍රදේශවල පාසල් සදහා ඉංග්‍රීසි ගුරුවරු ලබා දුන්නා එයින් යම් සාර්ථක ඉංග්‍රීසි දැනුමක් ලබන්නට දරුවන්ට ලැබුනත් හරියට උගන්වන ගුරුවරු ඉතාමත් අඩුවීම හා යන්තමින් සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සමතුන් ඉංග්‍රීසි උපකාරක පංති පැවැත්වීම නිසා දරුවන්ගේ දැනුම මොටවුනා කිව්වොත් නිවැරදියි හැකියාව ඇත්නම් ඉංග්‍රීසි ඉගැන්වීම සදහා ඉංග්‍රීසි භාෂා උපාධිය ඇති අය ගුරුවරු ලෙසට ගැනීමට ක්‍රමයක් හදන්න එසේම දෙමළ භාෂාවත් අනිවාර්ය කරන්න විශේෂයෙන් මෙම භාෂා තුනම දරුවන්ට කතාකරන්න හැකියාව ඇති කරන්න පුළුවන් නම් ඉතාමත් හොදයි
අරාබියේ කුස්සියේ වැඩට යන ගම්බද ගැහැණු අරාබි බාෂාවේ නිපුණයින් වෙලා එන්නේ අරාබි පාසල්වලට ගිහිල්ල නොවෙයි ගෙදර බාවිතය නිසා. හැබැයි ඒ ගොල්ලන්ට ලියන්න කියවන්න බැහැ. නමුත් අරාබි බාශාවෙන් රණ්ඩු වෙන්න පුළුවන්.
පිo ජනාධිපති, ඇයි ඉන්දියානු සහ චීන භාෂා දැනුමද ලංකාවේ පරපුරට ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසන්න !!!
එක්කෙනෙක් පය 24න් සිංහල රාජ්ය භාශාව කරල අද එකෙ විපාකෙ තෙරුම් ගිහින්.