(විනීතා එම්. ගමගේ)
ගම්පහ හෙනරත්ගොඩ ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයකම කෲඩියා සිලනිකා ශාඛය සංරක්ෂණය කර ඇතැයි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. එම ශාඛය රනිල කුලයේ ශාඛයක් වන අතර නයිට්රජන් එකතු කිරීමේ ඇති හැකියාව හැරුණු විට විශේෂත්වයක් නැතැයි ද ගම්වල එය භාවිතා කර ඇත්තේ දරට පමණක් යැයි ද එහි අධ්යක්ෂ ජනරාල් එස් ඩී ක්‍රිෂ්ණරාජා මහත්මිය පැවැසුවාය.
සාමාන්‍යයෙන් මෙම ශාඛය ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් ස්ථාන රාශියකින්ම සොයාගෙන ඇති බවත් පහත්බිම්වල එය වැවෙන බවත් කී ඇය ගම්පහ උද්භිද උද්‍යානයේ වැඩුණු ගස් තුනක් ඇතැයි ද කීවාය. එහි ඇට එකතුකර ඇට පැළ කර ඇතැයි ද පේරාදෙණිය හා ගම්පහ උද්භිද උද්‍යානවල එම පැළ රාශියක් ඇතැයි ද ඇය කීවාය.
මෙය ඒකදේශිය ශාඛයක් බව සැබෑ නමුත් එය වඳවීමේ තර්ජනයක් දැන් නැතැයි ද ක්‍රිෂ්ණරාජා මහත්මිය පැවැසුවාය.
මෙම ශාඛය ගලවා ගුවනින් ගෙන ගොස් මුතුරාජවෙල සිටුවීමට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා සිටි මැල්වත්ත සහ සමාගමේ සභාපති අජිත් පණ්ඩිතරත්න මහතා ගෙන් ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ දැන් එය සඟසතු කර ඇති බැවින් එම අදහස අත්හළ බවය. කිසිසේත්ම එය සංරක්ෂණය කිරීමට තම සමාගම දැන් ඉදිරිපත් නොවන බව ද හෙතෙම කියා සිටියේය.
පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ මහතා කියා සිටියේ එම ගස පෞද්ගලික සමාගමකට රෝපණය සඳහා රජය අවසර දුනහොත් තමන් නඩු මගට බසින්නට සූදානම් බවය. වනසත්ව හාවෘක්ෂලතා ආරක්ෂඛ ආඥාපනත අනුව කිසිදු තැනැත්තෙකුට ආරක්ෂිත පැලෑටියක් ඉවත් කිරීම, ඉදිරීම, හෝ විනාශ කිරීමට අවසර නැති බවත් එය දඬුවම් ලැබිය හැකි වරදක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය එක්ක රට හදන්න බෑ. කොච්චර විධි තියෙනවද අලුත් පැළ හදන්න.
බොහොම ස්තුතියි හේමන්ත. ඔබලා වැනි පරිසරයට ආදරේ මිනිසුන් රැසක්ම මේ ගස ආරක්ෂා කරගැනීමට ඉදිරියට පැමිණීම ශ්‍රී ලංකා ඉතිහාසයේ අලුත්ම නැම්මක් ඇතිකිරීමට හේතුවුණා. දේවානි ජයතිලක වැනි නිලධාරීන් 100ක් මේ රටේ සිටියා නම් මේ පරිසර විනාශය එහෙම පිටින්ම නවත්වා ගන්නට තිබුණා. ඒ වගේම මේ ගස "රජයෙන් " ආරක්ෂා කරගැනීමට ගස සාංඝික කළ බුද්ධ පුත්‍රයින්ටත් මගේ ගෞරවය පුදකරනවා. දේශපාලුවන් පසුපස යමින්, ඔවුන්ගේ කැත කුණු සමාජයෙන් වසන්කරමින්, යාන වාහන, මුදල්,,..වැනි දේ තුටු පඳුරු ලෙස ලබමින් මහජනයා මුලාකරන කහ ඇඳගත් ජූජක බමුණන්ගේ නිකායේ නොවන නියම බුද්ධ පුත්‍රයින් තවමත් අපේ රටේ සිටින බව උන්වහන්සේලා ලෝකයටම පෙන්වා දුන්නා. ඔබ වහන්සේලාට මේ රටේම ජනතාවගෙන් බොහෝ පින් ලැබේවි... හොර තක්කඩි දේශපාලුවන්ට මුට්ටි අල්ලන තක්කඩි මුදලාලිලාගෙන් මේ රටම බේරාගැනීමට, රටටත්, පරිසරයටත් ආදරේ අපි ඔක්කොම මේ එක්වුණා වගේ හැමදාමත් එකතුවෙලාම ඉඳිමු. අර මුතුරාජවෙල ගොඩකරන පුද්ගලයාට මම කියනවා " අපි කවුරුවත් කාගෙන්වත් ඉල්ලලා නැහැ මේ ගස සංරක්ෂණය කරන්න කියලා. ඒ නිසා වවුලන් පැල කල ගස ඒ විදිහටම නිදහසේ ඉන්න හරින්න. එය අපි දෙගොල්ලන්ගේම සෞඛ්‍යයට හිතකරයි."
සර් ආවේ ඔය ඔක්කොම රකිනවා කියලනේ.. අන්තිමට සර්ගෙනුයි, සර්ගෙ ගෝලයින් රොත්තගෙනුයි ගහක් බේරගන්න හාමුදුරුවන්ට ගහට සිවුරු පොරවන්නත් වුණා. පව් ඉතින් හිට්ලර් කියලා චැප්ලින්ව රජ කරපු දේශප්‍රේමී ජනතාවක්නේ ඉන්නේ...
වංගුවක් ගහලා ගහ බේරලා පාර හදාගෙන යන්න. පාරේ යන සංචාරකයෝ මේ ගහ සහ ලංකාව මහ ඉහළින් වර්ණනා කරති.
ඔය ක්රිෂ්ණාරාජා කියන කාන්තාවට සිංහල තේරෙන්නෙ නැතිව ඇති. එයාගෙන් අහන්න එහෙනං ස්මිත්සෝනියන් ආයතනයේ වෙබ් අඩවියේත් මේ ගස වඳවී ඇති ගහක් ලෙස දැක්වෙන්නේ ඇයි කියලා. උසස් පෙළ ජීව විද්‍යා පොතේ මේ ශාකය වඳවී ගිය ශාකයක් ලෙස දැක්වෙන්නේ ඇයිද කියලා... ඇයි රතු දත්ත පොතේත් ඒ බව සටහන් වෙන්නේ ඇයි කියලා... පේරාදෙණියේ ඔය විදියට බැලුවාම ලෝකෙන් වඳවෙච්චි ගස් බරට ඇති. මේ කතා කරන්නේ මගුල් කරඳ ගස් ගැන වෙන්න ඇති. මේ පඩු කරඳ. ගානක් අරගෙන වගෙයි. පරිසර වේදීනි ඔය කියන අනිත් ගස් 6ත් මෙයා එක්ක ගිහින් හොයාගෙන පින්තූර ටික යූ ටියුබ් දාන්නකෝ....
මේ ගහ දරට විතරයි ගන්න පුලුවන්.... ඒ හින්දා ලෝකයේ අන්තිම ගහ වුණත් කපලා දරට ගනිල්ලා. තර්කය නම් මරු.
සතෙක් හෝ ශාකයක් සංරක්ෂණය කිරීමේ දී ප්‍රධානම ක්‍රමවේදය වන්නේ එය ස්වභාවිකව පවතින පරිසරයේම සංරක්ෂණය කිරීමයි... මොකද සෑම ජීවියෙක් සමග අනන්ත වූ සම්බන්ධතා ගණනාවක් අනෙකුත් ජීවීන් සහ පරිසර සාධක ඇත. මෙම සියල්ල සංරක්ෂණය කළහැක්කේ ස්වභාවික පරිසරයේ පමණි. තම ස්වභාවික පරිසරයෙන් වෙනත් ස්ථානයක කට ගෙනගොස් පැල කිරීම හෝ රඳවා තබා ගැනීම පරිභාහිර සංරක්ෂණය නම් වන අතර එය සිදුකරනුයේ අතිරේක සංරක්ෂණ ක්‍රමවේදයක් ලෙස මිස පාරිසරික සංරක්ෂණයට ආදේශකයක් මිස එවැන්නක් නොවේ. එමනිසා උද්භිද උද්‍යානයක හෝ වෙනයම් ස්ථානයක තිබූ පමණින් ස්වභාවික පරිසරයේ තිබෙන ශාක විනාශ වීමට ඉඩ දීම ඉතා අනුවණ කමකි. ගසක හෝ වෙනත් ජීවියෙකු ගේ අද දිනයේ ඉතාමත් අඩු වටිනා කම්ක් තිබුණද අන්නර්ගතයේ එළඹෙන සමාජ ආර්ථික තත්ව සහ විද්‍යාත්මක සොයාගැනීම් මත එය ඉතා අධික වටිනාකම් සහිත ශාකයක් විය හැක. එබැවින් මෙම ශාකය එම පරිසරයේම සංරක්ෂණය වියහැකි පරිදි ආරක්ෂිත ප්‍රදේශයක් නම්කර එය කළමනාකරණය කිරිම ඉතා ලාභම සහ හොඳම විසඳුම වේ.
ඒක නම් මාර හතර බීරි කතාවක් අප්පා. ගහ වඳවෙලාලු..., සංරක්ෂණය කරලලු...
දරට ගන්න ශාඛයක් කියලා කිව්වේ අගය අඩු කරන්න වෙන්න ඇති. මේක රතු දත්ත පොතට ඇතුළත් වෙන්නේ වැදගත් කමක් නැති නිසාම වෙන්න බැහැ. අනික රතු දත්ත පොතට ඇතුළත් වෙලා නම් දුර්ලභ මේ ගසේ නියම ප්‍රයෝජන ගැන හොඳටම දන්න ගැමියො ඉන්නවා වෙන්නත් බැහැ. එහෙනම් ලංකාවට ආවේනිත හූනො ගෙම්බො රට ගෙනියන්න අල්ලන්න තහනම් කරලා තියෙන්නේ ඒ සත්තු දරට ගන්න තරම්වත් වටිනාකමක් නැතිවද?
මම හිතන්නේ මේ අධ්යක්ෂ ජනරාල් කිසිම දෙයක් දැනගෙන කතා කරන කෙනෙක් නෙවෙයි වගේ....
රනිල් කුලයේ කිසිම දෙයක් දැන් දරටවත් ගන්නේ නැහැ. මුලු රටටම එපා වෙලා කරපු පාවාදීම් වලට... කෙසේ වෙතත් ගස බේරාගනිමු.
සිරි ලංකාව උඩු යටිකුරු වෙලාද? මේ අවස්ථාවේ අපේ රටේ ගොවි ජනතාවට, ගැමියන්ට, නාගරීක ජනතාවට මුහුණ දීමට සිදුවී තිබෙන දහසකුත් එකක් ප්‍රශ්න වලට වඩා දරට පාවිච්චි කරන 'කෲඩියා සිලනිකා' ශාකය ගැන අවධානය දිය යුතුද? 01.මේ රටේ ගොවියන් මුහුණදී ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වනුයේ ගොවිතැන් විනාශකරන 'වල් ඌරු' උවදුරයි. යල් පැනගිය නීති රීති වෙනස් කිරීමට නීති සම්පාදකයින්ගේ අවධානය වහාම යොමු විය යුතුය. සිය වගාව රැකගැනීම සඳහා ගොවියන්ට තුවක්කු නිකුත් කළ හැකි පරිදි අදාල නීති රීති වෙනස් කළ යුතුයි. 02.අදාල බලධාරීන් විසින් රජයේ සත්ව ගොවිපලවල්වල වයසට යන සතුන් ඉවත් නොකර 'සතුන් බලා කියා ගන්නා ස්ථාන ඇතිකොට' ඒවාට ගාල් කළ යුතු බවට මතවාදයක් පෙරට දමා ඇත. මෙය ඇත්තක් නම් මෙරට පශු කර්මාන්තයට එය මරු පහරක් වනු ඇත. බොහෝ ගොවියන් සිය ආන්තික ආදායම ලබා ගන්නේ ඵලදාව අවසන් කළ සතුන් විකිණීම මගිනි. මෙන්න මෙරැටියන් මුහුන දෙන සැබැ ප්‍රශ්න. 03.අයාලේ යන බල්ලන් විනාශ නොකිරීම නිසා නාගරිකයින්ට, පාසල් සිසුන්ට, කාන්තාවන්ට, පදිකයින්ට බල්ලන් සපා කෑමේ අවධානම මතුවී ඇත. මෙන්න ප්‍රශ්න. දරට ගන්නා 'කෲඩියා සිලනිකා'ද වත්මන් අපගේ ප්‍රජාව මුහුණ දී ඇති ප්‍රධාන ප්රශ්නය?
ගහට වගේම ප්ලාස්ටික්, පොලිතීන් වලින් රට කසල ගොඩක් වෙලා. රේල්පාර දෙපැත්තේ අපායක්... මේ අය හදන්න දැඩි නීති ඕනෑ. සිංගප්පූරුව හදාගත්තේ එහෙමයි.
මේ ගස වඳ වෙලා කියලා ඔක්කොම අය හිතාගෙන හිටියා. අර පරිසර නිලධාරිනියත් දැනගෙන හිටියේ නැහැ මේ ගස් ලංකාවේ තියනවා කියලා. ඒක නිසා තමයි මේ ගහ red book එකට ගියේ. අවුරුදු 100ක් වෙන ගහක් මේ පරිසර නිලධාරිනියගේ ප්‍රදේශයේ තියන බව දැනගෙන ඉඳලා නැහැ. මේ වර්ගයේ ගස් 7ක් ලංකාවේ තියනවලු. ගහ red book එකට ගිහිල්ලා තියෙන්නේ අපේ අය රටේ තියන දේවල් දන්නේ නැති නිසා. RDA එක පාර හදන්න ගියේ නැතිනම් පරිසර නිලධාරීන් තවමත් red book බලබල ඉන්නවා. මේ ගස් වවන්න ඕනෑතරම් පැල තියනවලු. ඉතින් දැන් මොකක්ද උත්තරය කියලා පැහැදිලි වෙනවා.