
(යොහාන් භාසුර)
රත්මලාන දුම්රිය වැඩපොලේ මේ වන විට අනතුරුවලට ලක්වූ දුම්රිය එන්ජින් සහ දුම්රිය මැදිරි රැසක් අලුත්වැඩියා කරමින් පවතින බව එම දුම්රිය වැඩපොලේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම දුම්රිය එන්ජින් සහ මැදිරි දුම්රිය දෙපාර්තමේන්තුව මගින්ම අලුත්වැඩියා කිරීමෙන් රුපියල් කෝටි ගණනක මුදලක් ඉතිරි කරගැනීමේ අවස්ථාව ලැබෙන බව ද එම නිලධාරියා කීය.



2025 නොවැම්බර් මස 04
306
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2127
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැඩුණු දුම්රිය මැදිරිවලට යළි පණ දෙයි
Asela Tuesday, 20 December 2022 11:08 PM
ඒක ඒ අයගේ රස්සාව නැත්තම් රටට අමතර දෙයක් කරනවද?
arschfikaa Tuesday, 20 December 2022 11:16 PM
මාර ඉතිරි කිරීමක් නේ මේ අය කරන්නේ.? මේ අයම දුම්රියවල් කඩලා අමතර කොටස්ටික විකුණලා දාලා, එකෙන් සල්ලි හම්බකරගත්තා. දැන් නැවතත් පන දෙනවා කියලා ඒවා විකුණලා ආයෙමත් හම්බකරයි.
thivanka Wednesday, 21 December 2022 01:55 AM
මේක අලුත් දෙයක් නොවෙයි. හැමදාම දුම්රිය දෙපාර්තමේන්තුව ම මේවා අලුත් වැඩියා කරනවා.
daguna Wednesday, 21 December 2022 06:01 AM
කෝටි ගානක මුදල් ඉතිරියක් වෙනවා නෙවෙයි කෝටි ගානක මුදල් නාස්තියක් වුනේ නැහැ.
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 21 December 2022 01:48 PM
අපි නොදන්න අළුත්වැඩියාව ... පහුගිය දවසක කොළඹ කොටුවෙන් රාත්‍රී දුම්රියකට නැග්ගා. ඒක ධාවනය වුණේ අලුත්ගම දක්වායි. අලුත්වැඩියා කළ මැදිරි තමයි තිබුණේ. අපි ආපු පරණ පෙට්ටියේ එක් වැසිකිලියක් ගලවලා එතන ඉඩගන්න තහඩුවක් ගහලා.බොහොම අමාරුවෙන් තහඩුව උඩ මිනිසුන් නැගගෙන ආවේ.මොකක් හෝ පෙර පිනක් තිබිලා කඩාගෙන වැටුණේ නැහැ.කෝච්චියේ පෙට්ටි හරියට පතෝල මැස්ස වගේ පැද්දෙනවා.බුරුල්වු ඇණ මුරිච්චි වලින් කන් හිරිවැටෙන ශබ්ද නිකුත් වෙනවා.ඔන්න ඔහොම තමයි මේ අලුත්වැඩියා කිරීම් වල අපූරුව ..
Bunny Preena Wednesday, 21 December 2022 02:12 PM
ලොකු නින්දකින් පස්සේ ඇහැරිලා වගෙයි
Deepal Nirosh Wednesday, 21 December 2022 05:15 PM
මෙන්න පණ දෙනවානම් ව්‍යාපෘති. බොරුවට රටේ ආනයන වියදම් ඉහළ දමන සැහැල්ලු, විදුලි, අධිතාක්ෂණික... මෙකී නොකී ව්‍යාපෘතිවලට වඩා මේවා ඉදිරියට කරගෙන යාම රටට කොතරම් ආර්ථික ඵලදායීතාවයක්ද?
Ruhunu Wednesday, 21 December 2022 06:00 PM
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්න මළකඳන් වලටත් පණ දුන්නොත් හොඳයි නේද?