(ගයාන් සූරියආරච්චි)
යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ටී 56 උන්ඩ අටක් සහ ලේසර් පතුරම් 2 ක් සමග තවත් කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසයි.
යතුරුපැදියෙන් පැමිණි සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 13 ක් සහ මිලිග්‍රෑම් 300 ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර එක් සැකකරුවකුගේ නිවස පරීක්ෂා කිරීමේදී තවත් අයිස් ග්‍රෑම් 16 ක් සමඟ සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බඩල්ගම හා දූනගහ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd